කොරෝනා මරණ භූමදානය පිලිබඳ නැවත සලකා බැලේ

කොරෝනා වෛරසය වැළඳීමෙන් මියයන මුස්ලිම් ජාතිකයින්ගේ මළ සිරුරු භූමදානය කිරීම සඳහා අවසර ලබාදීම පිළිබඳව  ඉදිරියේදී  සලකා බලන බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ප්‍රකාශ කර සිටී
ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පත්කර ඇති වෛද්‍ය විශේෂඥයින්ගේ කමිටුව මේ සතියේ රැස්වීමට නියමිත බව අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේදී අද  සඳහන් කළේය .
මෙහිදී අදහස් දැක්වූ  අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතා සඳහන් කලේ  එදා පැවති තත්වය හමුවේ මරණයට පත්වන සියලු දෙනා ආදාහනය කිරීමට තීරණය කළ බවත්, එය වෛද්‍ය විශේෂඥයන්ගේ උපදෙස් මත එළඹි තීන්දුවක් බවත්ය.

කෙසේ වෙතත් මාස හයකට පසුව ඒ සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට තීරණය කර තිබුණු අතර ඒ අනුව මියයන ඉස්ලාම් ආගමිකයන් භූමදානය කිරීමට අවසර ලබාදීම සම්බන්ධයෙන් නැවත සලකා බැලීමට සූදානම් බවත් ඇමතිවරයා මෙහිදී පැවසීය

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.