“කුණු වලින් හම්බකරන මැති ඇමතීන් කුණු කන්දක කුණු පනුවෝ වෙලා උපදින්න ඕනේ “

 

කොළඹ මහනගර සභාවේ අයවැය විවාදයට එක්වෙමින් ශර්මිලා ගෝනවෙල මන්ත්‍රීවරිය කල ආන්දෝලනාත්මක ප්‍රකාශය –

මීතොටමුල්ල  කුනුකන්දට යට වෙලා මිය යන්න ඇත්තේ පෙර භවයන් වල පව් කරපු අය  වෙන්න ඇති නමුත් මේ භවයේ කුණුවලින් හම්බ කරන් කන තමන්ගේ දරු පවුල් පෝෂණය කරන අය ඉන්නවා නම් ඒ අය කුණු කන්දක කුණු පනුවෝ වෙලා ඉපදෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

කසල කියන්නේ සැබෑ සම්පතක්කසල කියන්නේ මුදල්ඒ මුදල් අයිති ජනතා බදු මුදලින් නඩත්තුවෙන මේ සභාවට ඒ මුදල් මන්ත්‍රීවරු වුන අපිට අයිති නෑ. ටෙන්ඩර් වෙනුවෙන් පෙනී සිටින්නකොන්ත්‍රාත් වෙනුවෙන් පෙනී සිටින්න අපට අයිතියක් නෑ.

ශර්මිලා ගෝනවෙල මහත්මිය කල සම්පූර්ණ කතාව –

කොළඹ මහා නගර සභාවට පත්වන පළමු නගරාධිපතිනිය ලෙස ඔබතුමිය කල ආකර්ශනීය කතාවට මගේ ප්‍රශංසාව පල කරන ගමන් එහි සඳහන් ඔබතුමියගේ අදහස් බලාපොරොත්තු චේතනාවන් අගය කර සිටිනවා.

අයවැය යෝජනාවක සඳහන් සියලු දේ වසර තුල ක්‍රියාත්මක කිරීමට නොහැකි බව යථාර්තයක් ලෙස අප දන්නවා. ඒ වගේම මෙම ඉදිරිපත් කරන ලද අයවැය සංවර්ධන අයවැයක් නොවන බවත් මෙය පැහැදිලිවම නඩත්තු අයවැයක් බවත් සඳහන් කරන්න ඕන අයවැය ලේඛනයේ 75%ට 80%ට වැඩිය නඩත්තු සඳහායි මුදල් වෙන් කරලා තියෙන්නේ.

ඔබතුමියගේ අයවැය කතාවේ පියවරවල් 11 සඳහන් වෙනවා එයින් පියවරවල් 3ක් කෙරෙහි මගේ අවධානය යොමුවුණා.

කසල කළමනාකරණය හා දීර්ඝ කාලීන විසඳුම් සෙවීම – ඔබතුමිය මෙම නගර සභාවේ මංගල කතාවේ සිට කසල ප්‍රශ්නයට විසඳුම් හොයන්න උනන්දු වුනා. මම එය අගය කරනවා. නමුත් මම මෙම සභාව ඒ.ජා. පක්ෂයෙන් පත්වී 2002/2006 කාලයේ මේ සභාවේ සිටිය. එම කාලයේත් විසඳුම් හෙව්වා. එදත් මම බ්ලූ මැන්ඩල් කුණු කන්දට එරෙහිව සිටිය. බ්ලූ මෙන්ඩල් කුණු කන්ද නිසා චර්ම රෝගස්වසන රෝග වලට ගොදුරු වුන අය වෙනුවෙන් නොයෙකුත් දේ කරා.

මැයි මස පළමු සභා වාරයේ සිට මම මීතොටමුල්ල කුණු කන්ද ගැන කතා කරා. ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරා මරුන අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙලා නෑ. වන්දි ගෙවල නෑ. 

කසල කියන්නේ සැබෑ සම්පතක්කසල කියන්නේ මුදල්ඒ මුදල් අයිති ජනතා බදු මුදලින් නඩත්තුවෙන මේ සභාවට ඒ මුදල් මන්ත්‍රීවරු වුන අපිට අයිති නෑ. ටෙන්ඩර් වෙනුවෙන් පෙනී සිටින්නකොන්ත්‍රාත් වෙනුවෙන් පෙනී සිටින්න අපට අයිතියක් නෑ.

මීතොටමුල්ල කුණු කන්ද පිළිබඳව රජයේ විගණන වාර්තාවක් තියනවා. වගකීම බාරගත යුත්තේ කොළඹ මහා නගර සභාව. වාර්තාවේ අදාළ කොටස් මැයි මස මම සභා ගත කරා තවමත් නිර්දේශයන් ක්‍රියාත්මක වෙලා නැ. නවක මන්ත්‍රීවරුන් මන්ත්‍රීතුමියන්ලා 15ක් පමණ මට කතා කලා. මාව දැනුවත් කරා කුණු කොන්ත්‍රාත්තුවක් ආයතනයකට ලබා දෙන්න මෙම සභාවේ මුදල් බෙදා ඇති බවට. මම සත 5ක් වත් අයතා ගනුදෙනු ලබාගෙන නැ. මම දිවුරා පොරොන්දු වෙනවා. හෘදසාක්ෂියට එකඟව මම දේශපාලනය කරනවා. 

මීතොටමුල්ල  කුනුකන්දට යට වෙලා මිය යන්න ඇත්තේ පෙර භවයන් වල පව් කරපු අය  වෙන්න ඇති නමුත් මේ භවයේ කුණුවලින් හම්බ කරන් කන තමන්ගේ දරු පවුල් පෝෂණය කරන අය ඉන්නවා නම් ඒ අය කුණු කන්දක කුණු පනුවෝ වෙලා ඉපදෙන්න කියල මම ප්‍රර්ථනා කරනවා.

 

1978 විවෘත ආර්ථිකය හඳුන්වා දීමත් සමඟ තොරතුරු තාක්ෂණය අප රටට ගලා ආවා. අවුරුදු 60 UNP පාලනය කරපු නගර සභාව 1978 වසර 40කට පසු නගරාධිපතිතුමියක් නව තාක්ෂණය හඳුන්වා දීම ගැන මම ආඩම්බර වෙනවා.

ඔබතුමිය කතා කරා අනවසර ඉදිකිරීම් ඉවත් කිරීම ගැනඅවම කිරීම ගැන නව ක්‍රම හඳුන්වා දීම ගැන. අනවසර ඉදිකිරීම් ගැන කතා කරලා මම තරහකාරයන් ඇති කර ගන්න කැමති නැ.

නමුත් ප්‍රේමදාස ජනාධිපතිතුමන් පෞරාණික වස්තුවක් ලෙස නම්කරපු ගෑස්පහ හන්දියේ පැරණි නගර සභා ගොඩනැගිල්ල නිරීක්ෂණය කරන්න යන්න. එය වටා කඩ ඉදි කරලා ඒවා විකුණලා මෙම ගොඩනැගිල්ල හවසට වෙළඳුන්ගේ ගබඩා ස්ථානයක් බවට පත් වෙලා.

 

 

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.