ඔස්ට්‍රේලියාවේ NCW Holdings ආයතනය ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරයි

ඔස්ට්‍රේලියාවේ NCW Holdings ආයතනය ලංකාවේ සිය මෙහෙයුම් ආරම්භ කරයි

මෙරට ගෘහ පාලන ක්‍ෂේත‍්‍රයේ දැවැන්ත පෙරළියක් ඇති කරමින් ඕස්ටෙ‍්‍රීලියාවේ ප‍්‍රමුඛතම පහසුකම් කළමනාකරණ සේවා සපයන (Facility Management Services) ආයතනය වනල NCW Holdings සමාගම පසුගියදා මෙරටදීල සිය ව්‍යාපාර කටයුතු පුළුල් කරමින් මෙහෙයුම් කටයුතු ආරම්භ කළ බව කොළඹ Kings Bury  හෝටලයේ පැවති සමාරම්භක උත්සවයේදීල මාධ්‍ය වෙත අදහස් දක්වමින් NCW Holdings ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ නවීන් විජේවිකම‍ මහතා ප‍්‍රකාශකර සිටියේය.

මෙරට ගෘහ පාලන ව්‍යාපාරයට නව අත්දැකීමක් එක් කරමින් විනයගරුක හා ක‍්‍රියාශීලි තරුණ කණ්ඩායමකගෙන් සැදුම් ලත් ක්‍ෂේත‍්‍රයේ අත්දැකීම් සහිත ප‍්‍රවීණයන් රැසකගේ මෙහෙයවීමෙන් ශී‍්‍ර ලංකාවේ NCW Holdings ශාඛාව පරිපූර්ණත්වයට පත්ව ඇත. මෙම සේවාව සාම්ප‍්‍රදායික ක‍්‍රියාවලියෙන් බැහැරව ඉතා විශ්වසනීයව හා කඩිනමින්   නවීන තාක්ෂණික උපකරණ උපයෝගීකර ගනිමින් සිය පාරිභෝගිකයන් වෙත සුවිශේෂී අත්දැකීමක් ලබා දෙන්නට හැමවිටම උත්සහ කිරීම NCW Holdings ආයතනයේ පරමාර්ථයයි.
දේශීය හා විදේශීය ආගන්තුක සත්කාරක ක්‍ෂේත‍්‍රයේ වසර ගණනාවක හසළ දැනුමක් සහිත ප‍්‍රවීණයකු හා තරුණ ව්‍යවසායකයකු වන NCW Holdings ආයතනයේ කළමනාකරණ අධ්‍යක්‍ෂ නවීන් විජේවික්රම මහතා අදහස් දක්වමින් ” ලංකාවේ නාමය ජාත්‍යන්තරයට ඔසවා තබමින් ඕස්ටෙ‍්‍රීලියාවේ වෙසෙන ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයකු ලෙස ඉතා කෙටි කලකදී ව්‍යාපාරික වපසරිය පුළුල් කිරීමට මා හට අවස්ථාව උදා වුනා. පහසුකම් කළමනාකරණ සේවාවල ගෘහ පාලන සේවාවල ගොඩනැගිලි හා ඉදිකිරීම් යන ක්‍ෂේත‍්‍රයන් ත‍්‍රිිත්වය තුල ස්ථාවර වන්නට අප ආයතනයට හැකි වීම අතිශය සතුටට කරුණක්ග මේ වනවිට NCW Holdings මව් සමාගම තුල නිසි පුහුණුව ලත් ශ‍්‍රී ලාංකික තරුණ තරුණියන් 200 ක් පමණ සේවය කරන බව පවසන්නේ හද පිරි සතුටින්. ඒ වගේම ශ‍්‍රී ලාංකිකයකු ලෙස ජාත්‍යන්තරව පිළිගත් ආයතන රැසකට සේවාව ලබාදෙන ආයතනයක හිමිකරුවකු ලෙස මා නිහතමානීව ආඩම්බර වනවා. ඒ මන්ද යත් ශී‍්‍ර ලාංකිකයන් රැසකගේ සිහින යතාර්ථයක් කරන්නට මග පෙන්වන්නට මා හට හැකි වූ නිසයි.  එම ක‍්‍රියාවලියේ තවත් එක් පියවරක ආරම්භය ලෙස ශී‍්‍ර ලංකාව තුල NCW Holdings ශාඛාවක් පිහිටු වීමට හැකි වීම අප ආයතනය ලැබූ ජයග‍්‍රහණයක්.
ඒ මහතා තව දුරටත් අදහස් දක්වමින් , ”ශ‍්‍රී ලංකාවේ ගෘහ පාලන ක්‍ෂේත‍්‍රයේ නිම් වළළු පුළුල් කරමින් මෙතෙක් කල් සාම්ප‍්‍රදායිකව කල ක‍්‍රියාවලියේ නව යුගයක ආරම්භය සනිටුහන් කිරීමට අප ආයතනයට හැකියාව ලැබී තිබෙනවා. .ජාත්‍යන්තර ප‍්‍රමිතීන් වලට අනුගත වෙමින් නව තාක්ෂණය උපරිමයෙන් උපයෝගී කර ගනිමින් ඉතා කඩිනම් හා විශ්වාසනීය සේවාවක් ශ‍්‍රී ලංකාවේ ඇති සියළු ආයතනයන්ට ලබා දෙන්නට අපට අවස්ථාව දැන් උදා වී තියෙනවා. මෙරට තරුණ තරුණියන් හට නව රැකියා අවස්ථාවන් උදාකරදීමටත් ගෘහ පාලන අංශයේ රැකියාවන් වල ශී‍්‍ර ලංකාවේ දැනට ලබාගත හැකි ඉහළම වැටුප ලබා දෙන්නේ අප ආයතනය විසින් බව පවසන්නේ   හද පිරි සතුටින්”යයි අවසන් වශයෙන් කියා සිටියේය.

මෙම අවස්ථාව සඳහා මැති ඇමතිවරු ක්‍ෂේත‍්‍රයේ ප‍්‍රවීණයන්ල මාධ්‍යවේදීන් ව්‍යාපාරිකයන් හා ක‍්‍රීඩකයන් ඇතුළු සම්භාවනීය පිරිසක් සහභාගී විය.

ඕස්ටෙ‍්‍රීලියාවේ NCW Holdings සමාගම පිලිබඳ-
2005 වසරේදී ශ‍්‍රී ලාංකිකයකු වන නවීන් විජේවික‍්‍රම මහතා විසින් ඕස්ටෙ‍්‍රීලියාවේ දී ආරම්භ කරන ලද මෙම ආයතනය ඉතා කෙටි කලක් තුල එරට ප‍්‍රමුඛ පෙළේ සමාගම් රැසක විශ්වාසය දිනා ගැනීමට සමත් වූ සමාගමක් බවට පත් විය. ඒ අතරින් HSBC, THOMAS DUX Grocers , Kmart, TARGET, Woolworths හා Dan Murphy’s යන දැවැන්ත සමාගම් ප‍්‍රධාන තැනක් ගනී. දශක දෙකකට අධික අත්දැකීම් සහිත ආගන්තුක සත්කාරක උපදේශන සේවාවල පොදු ගොඩනැගිලි නඩත්තුවලපහසුකම් කළමනාකරණ සේවා සැපයුම සංකල්ප සංවර්ධනය හා ව්‍යාපෘති කළමනාකරණය ආදී පරාසයන් ඔස්සේ NCW Holdings මව් සමාගම සිය ව්‍යාපාර කටයුතු සිදු කරයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.