ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල එකට ඉල්ලමු – ඩිලාන්ගෙන් අලුත් යෝජනාවක්

එළැඹෙන පළාත් පාලන මැතිවරණය වෙනුවෙන් ශ්රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කළ මංගල රැලිය පසුගිය සඳුදා හිටපු ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් බදුල්ල විල්ස් ක්රීඩාංගණයේ දී පැවැත්විණි. රැස්වීමේ සංවිධාන කටයුතු භාර වී තිබුණේ ඒකාබද්ධ විපක්ෂයේ බදුල්ල දිස්ත්රික් නායකයා ලෙස කටයුතු කරන කුමාර වෙල්ගමට සහ තේනුක විදානගමගේටය.

රැස්වීමේ සංවිධාන කටයුතු සූදානම් කරමින් පවතින අතරතුර තේනුකට දැනගන්නට ලැබුණේ එක්සත් ජාතික පක්ෂයේ ඌව පළාත් සභා මන්ත්රි තිස්ස කුට්ටිආරචිචි මේ දිනවල හරීන් ප්රනාන්දු නිසා පක්ෂය ගැන කලකිරීමකින් සිටින බවය. වහාම ක්රියාත්මක වූ තේනුක තමන්ට ලැබුණු ආරංචිය සම්බන්ධයෙන් මහින්ද දැනුවත් කරන්නට කටයුතු කළේය.

සර්, තිස්ස කුට්ටිආරච්චි එක්සත් ජාතික පක්ෂය ගැන කලකිරීමකින් ඉන්නේ. අපේ පැත්තට ගන්න පුළුවන්. මොකද අපි කරන්නේ? තේනුක ඇසුවේය.

එන්න කැමැති නම් ප්රශ්නයක් නැහැමහින්ද උත්තර දුන්නේය.

අනතුරුව වෙල්ගම සම්බන්ධයෙන් දැනුවත් කළ තේනුක වූ තේනුක බදුල්ල රැලියේ දී තිස්ස කුට්ටිආරච්චි ඒකාබද්ධ විපක්ෂ වේදිකාවට නංවා ගැනීමට කපුකම කළේය. තේනුකත් තිස්සත් මිත්රයන් වීම මෙම කටයුතු වඩාත් පහසු කරවන්නට හේතු විය. අනුව සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වුණු අතර ආණ්ඩුවක් තිබියදීත් පාක්ෂිකයන්ට නොසැලකීම සම්බන්ධයෙන් . ජා. පය සමඟ කලකිරීමකින් සිටි තිස්ස ගලවා ගැනීම සාර්ථික විය.

ඉරිදා රාත්රියේ සිට බදුල්ලේ නතරව සිටි මහින්ද සඳුදා උදෑසන බදුල්ල දිස්ත්රික් පළාත් පාලන නියෝජිතයන් මුණගැසුණේය. එහිදී පළාත් පාලන නියෝජිතයන් සියලුදෙනාම මහින්දගෙන් ඇසුවේ ශ්රී ලංකා නිදහස් පක්ෂයත් සමඟ එකතු වෙනවාද කියාය. මහින්ද ඊට පිළිතුරු වශයෙන් කීවේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම ගැන තීන්දුවක් ගනු ඇති බවය.

අනතුරුව මන්ත්රිවරුන් සියලුදෙනාම පාහේ එකතු වෙන්න නම් එපා කියා මහින්දගෙන් ඉල්ලා සිටි අතර මහින්ද සිනාසෙමින් පිළිතුරු දුන්නේ ඔයාලා බය වෙන්න එපා. අපි ඔයාලට අසාධාරණයක් වෙන්න ඉඩ තියන්නේ නැහැකියාය. අනතුරුව මහින්ද මුතියංගණ රජමහා විහාරස්ථානය වෙත ගිය අතර එහිදී මුණගැසුණු ජනතාව ඉල්ලා සිටියේ එකතු වෙන්න එපා කියාය.

සඳුදා උදෑසන ප්රසන්න රණතුංග බදුල්ල බලා යමින් සිටින අතරතුර මහින්දගෙන් ඇමතුමක් ලැබුණි.

ප්රසන්න කොහෙද ඉන්නේ? මහින්ද ඇසුවේය.

සර් මම බදුල්ලට එනගමන් ඉන්නේප්රසන්න පිළිතුරු දුන්නේය.

එහෙනම් ආපු ගමන් මාව මුණගැහෙන්න. මට ඔයාට විශේෂ දෙයක් කියන්න තියෙනවාකී මහින්ද දුරකථනය විසන්ධි කළේය.

අනුව බදුල්ලට පැමිණි වහාම ප්රසන්න කෙළින්ම ගියේ මහින්ද නතරව සිටි ස්ථානය කරාය.

එන්න එන්න ප්රසන්න. මම මේ ඔයාට එන්න කිව්වේ විශේෂ කාරණයක් කියන්න. අද රැස්වීමේ දී ඔයා අනිවාර්යෙන්ම කතා කරන්න ඕනේප්රසන්න දුටු වහාම මහින්ද කීවේය.

අනේ සර් මට වඩා ජ්යෙෂ්ඨයෝ ඕනේ තරම් ඉන්නවානේ. අයට අවස්ථාව දෙන්න. මගේ ප්රශ්නයක් නැහැප්රසන්න කීවේය.

ඔයා කියන එක ඇත්ත. සීනියෝරිටි එකට මුල්තැන දෙන්න ඕනේ තමයි. හැබැයි මෙතැනදි සීනියෝරිටි එකට වඩා මට ජනතාව ගැන ඔයා තියන් ඉන්න ලෝයල්ටි එක වටිනවා. හින්දා අද ඔයා කතා කරන්නම ඕනේමහින්ද පැවසීය.

සර් කියනවා නම් මම කතා කරන්නම්කී ප්රසන්න එතැනින් පිටත්ව රැස්වීමේ අවසන් සංවිධාන කටයුතු ගැන සොයා බලන්නට ගියේය.

ශ්රී ලංකා පොදුජන පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව මුහුණදෙන පළමු මැතිවරණය වන්නේ ලබන වසරේ පැවැත්වෙන පළාත් පාලන මැතිවරණයයි. පක්ෂයක් ලෙස තවමත් ලාබාල වියේ පසුවුවද පක්ෂය මෙහෙයවමින් සිටින්නේ දේශපාලන ලෝකයේ තෙම්පරාදු වූ අත්දැකීම් බහුල ජ්යෙෂ්ඨයන් පිරිසක් විසින් වීම නිසා ප්රධාන පක්ෂ දෙකටම බරපතළ අභියෝගයක් එල්ල විය හැකි බවට දැනටමත් ඉඟි පලව තිබේ.

එම ජ්යෙෂ්ඨයන් විසින් අනෙකුත් පක්ෂ වෙත කරන ලද අනතුරු ඇඟවීමක් වන තරමට අතිසාර්ථක ලෙස බදුල්ල රැස්වීම පැවැත්වීමට වෙල්ගම ඇතුළු පිරිස සමත්ව තිබුණි. විල්ස් ක්රීඩාංගණය පිරී ඉතිරී යන තරමට ජනතාව රැස්වීමට පැමිණ සිටි අතර මහින්ද රැස්වීම අමතන විට රාත්රී අට පසුව තිබුණි.

විශේෂත්වය වූයේ රාත්රියේදී බදුල්ලේ අත්විඳින්නට වන අධික සීතල නොතකා ජනතාව මහින්ද කතා කරන තුරුම රැස්වීමේ රැඳී සිටීමය. රැස්වීම නිමා වීමෙන් පසු අතිසාර්ථක රැස්විමක් පවත්වන්නට වෙහෙසුණු වෙල්ගමට සහ තේනුකට පෞද්ගලිකවම ස්තුති කරන්නට මහින්ද අමතක කළේ නැත.

ශ්රී ලංකා නිදහස් පක්ෂයත් ඒකාබද්ධ විපක්ෂයත් අතර සමගි සාකච්ඡා පසුගිය සතියේ නිමා කෙරුණේ අවසන් තීන්දුවක් නොමැතිවය. ඊට හේතු වී තිබුණේ සාකච්ඡා ඉදිරියට පවත්වාගෙන යාමට නම් ආණ්ඩුවෙන් ඉවත්විය යුතු බවට ඒකාබද්ධ විපක්ෂය පාර්ශ්වයෙන් දැමූ කොන්දේසිය ගැන ශ්රී ලංකා නිදහස් පක්ෂ පාර්ශ්වයට අවසන් තීන්දුවක් ගැනීමට නොහැකිවීමය.

වන විට ජනාධිපතිවරයාදකුණු කොරියාවේ සංචාරයක නිරතව සිටි බැවින් නිමල් සිරිපාල සිල්වා ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයන්ට දැනුම් දී තිබුණේ ජනාධිපතිවරයා ආපසු පැමිණි පසු තමන්ගේ තීන්දුව දැනුම් දෙන බවය. මේ අතර පසුගිය සතියේ සී. බී රත්නායකට ඩිලාන් පෙරේරාගෙන් දුරකතන ඇමතුමක් ලැබුණි. යළිත් වරක් සාතච්ඡා කරන්නට පුළුවන්දැයි ඩිලාන් සී. ‍බීගෙන් ඇසුවේය.

අපි එදා කිව්වනේ කතා කරන්නට ඉස්සර ආණ්ඩුවෙන් අයින් වෙන්න කියලාසී. බී. උත්තර දුන්නේය.

නෑ නෑ අපි මේ ගැන ආයෙත් කතා කරමුඩිලාන් ඉල්ලා සිටියේය.

මට ගැන මොකුත් කියන්න බෑ. මං මහින්ද මහත්තයාගෙන් අහලා බලන්නම්සී. බී. කීවේය. පසුව මහින්දට දුරකථනයෙන් ඇමතූ සී. බී ඩිලාන්ගේ යෝජනාව ගැන දැනුම් දුන්නේය. මහින්ද කීවේ පක්ෂ නායක රැස්වීමේ දී ගැන වැඩිදුරටත් කතා කරමු කියාය.

කලුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී පියල් නිශාන්තගේ පියාණන් පසුගිය සතියේ අභාවප්රාප්ත විය. පසුගිය අඟහරුවාදා මහින්ද පියල්ගේ පියාණන්ට අවසන් ගෞරව දැක්වීමට ගියේය. වන විට නිර්මල කොතලාවල අවමඟුලට සහභාගී වීමට පැමිණ සිටියේය.

මහින්ද එන බව දැනගන්නට ලැබුණු නිර්මල ආපසු නොගොස් මහින්ද එනතුරුම සිටියේය. මහින්ද පැමිණ දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව පිරිස සමඟ සුහද කතාබහක නියැළුණේය. එහිදී නිර්මල මහින්දගෙන් ඇසුවේ මොකක් සර් එකතු වෙන එක? කියාය.

අපිට නම් පණිවිඩ පිට පණිවිඩි එනවා එකතු වෙමු කියලා. හැබැයි අපේ අය එකතු වෙන්න කැමැති නැහැමහින්ද පැවසීය.

දැන් නම් මේ ආණ්ඩුවේ තත්ත්වය හොඳ නැහැනිර්මල පැවසීය.

ඔව් ඔව් මේ ආණ්ඩුව දැන් යන්නේ අවරෙටමහින්ද කීවේය.

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන්ගේ රැස්වීම අඟහරුවාදා පැවැත්වුණේ මහින්දගේ විජේරාම පෙදෙසේ පිහිටි නිල නිවසේදීය. මෙම හමුවටබැසිල් රාජපක්ෂ පැමිණ සිටියේය. පළාත් පාලන මැතිවරණයට තරග කිරීම සම්බන්ධයෙන් යෝජනා හතරක් රැගෙනය.

එහි පළමු කරුණ වූයේ නාමයෝජනා අත්සන් තැබීමය. දෙවැන්න මැතිවරණයට තරග කළ නොහැකි ක්ෂේත් නිලධාරීන් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමය. තුන්වැන්න වූයේ සුදුසුකම් නොමැති අපේක්ෂයන් පිළිබඳ කටයුතු කිරීම ගැන තීන්දුවක් ගැනීමය. හතරවැන්න ඒකාබද්ධ පොදුජන පෙරමුණ යටතේ තරග කිරීමය.

බැසිල්ගේ යෝජනාවට පක්ෂ නායකයන්ගේ අනුමැතිය හිමිවිය. අනතුරුව මහින්ද පක්ෂ නායකයන් හමුවට ශ්රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කළේය.

අපිට ආයෙමත් ශ්රී ලංකා නිදහස් පක්ෂයෙන් යෝජනා වගයක් ඇවිත් තියෙනවා. අපි මේ ගැන කතා කරලා තීන්දුවක් ගමු. සී. බී මේ අයට කියන්නකෝ මොනවද එයාලා කියන්නේ කියලාමහින්ද කතාව ආරම්භ කරමින් පැවසීය.

ඩිලාන් කියනවා ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල එකට ඉල්ලමු කියලා. එයා කිව්වා මෛත්රීපාල ජනාධිපතිවරයත් මේකට කැමැතියි කියලාසී. බී. කීවේය.

මොකද ඒකට කියන්නේ? මහින්ද ඇසුවේය.

මේක ගැන අපි තීන්දුවක් ගන්න ඕනේ. නැත්නම් මේක හෝද හෝද මඩේ දානවා වගේ වැඩක් වෙනවා. අපි එයාලට කිව්වා ආණ්ඩුවෙන් අයින් වෙන්නේ නැත්නම් සාකච්ඡා කරන්නේ නැහැ කියලා. ඒක නොකර සාකච්ඡා කරලා වැඩක් නැහැසනත් නිශාන්ත පැවසීය.

ඒක හරි. අපි මන්ත්රි කණ්ඩායමෙත් අදහස අහමුමහින්ද කීවේය.

මම නම් මේකට එකහෙළාම විරුද්ධයි. මට මේකට එකඟ වෙන්න බැහැප්රසන්න පැවසීය.

ඔව් මටත් මේකට එකඟ වෙන්න බැහැවෙල්ගම පැවසීය.

අනුව තීන්දු කෙරුණේ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම වහාම කැඳවා මේ ගැන තීන්දුවක් ගැනීමටය. සී. බීට මහින්ද කීවේ නැවත වරක් ඩිලාන්ගෙන් මේ ගැන කරුණු අසා දැන ගන්නා ලෙසටය. අනුව සී. බී නැවත වරක් ඩිලාන් පාර්ලිමේන්තුවේ දී මුණගැසුණු අතර එහිදී ඩිලාන් අවධාරණය කළේ එකතු වීමට අවශ් බවය.

පහුවදා ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රි කණ්ඩායමේ විශේෂ සාකච්ඡාවක් මහින්දගේ ප්රධානත්වයෙන් පැවැත්වුණි. මන්ත්රීවරුන්ට කරුණු පැහැදිලි කරමින් මහින්ද කීවේ ආයෙත් පාරක් අපිට යෝජනා වගයක් ඇවිත් තියෙනවා. අය එකතු වෙමු කියනවා. මොකද ඔයාලා කියන්නේ? කියාය.

ඒකාබද්ධ විපක්ෂයට වාසි තැන්වල වෙනම ඉල්ලලා එක්සත් ජාතික පක්ෂයට වාසි තැන්වල නිදහස් පක්ෂයත් එක්ක එකතු වෙලා පුටුව ලකුණෙන් ඉල්ලන්න කියලා තමයි මේ පාර යෝජනා කරලා තියෙන්නේසී. බී පැහැදිලි කළේය.

මේක පුදුම කතාවක්නෙ. දැන් හිතමුකො එක ප්රාදේශීය සභාවකට අපි තනියෙන් තරග කරනවා කියලා. එතැනට ගිහින් මහින්ද මහත්තයා ආණ්ඩුව බැනලා ඡන්දෙ ඉල්ලනවා. අනෙක් ප්රාදේශීය සභාවක එකට එකතු වෙලා තරග කරනකොට ආණ්ඩුවට නොබැන ඉන්නවා. එහෙම කරන්නේ කොහමෙද? සනත් නිශාන්ත ඇසුවේය.

එහෙම කරන්න බැහැ. එහෙම වුණොත් ආණ්ඩු විරෝධී ඡන්ද ටික ගන්න අපිට බැරි වෙනවා. හින්දා අපි මේ ගැන තීන්දුවක් ගන්න ඕනේප්රසන්න පැවසීය.

මේ විදියට ගියොත් අපිටත් ගමට යන්න බැරි වෙනවා. දැනටමත් මිනිස්සු බනිනවා එකතු වෙලා නම් ගමට එන්න එපා කියලාශෙහාන් සේමසිංහ පෙන්වා දුන්නේය.

මෙයාලා හදන්නේ එකතු වෙමු කියලා බොරුවට පෙන්නලා අපේ සංවිධාන කටයුතු ටික කඩාකප්පල් කරන්නයි. අපි මේකට රැවටෙන්න හොඳ නැහැජොන්ස්ටන් පැවසීය.

මිනිස්සුන්ට ඕනේ මහින්ද මහත්තයාවයි. මිනිස්සු ආදරේ කරන්නෙත් මහින්ද මහත්තයටයි. හින්දා සර් කියන්න සර්ගෙ මතය මොකක්ද කියලාපියල් ඇසුවේය.

මම මේකට මොකුත් කියන්නේ නැහැ. මට වැදගත් වෙන්නේ ඔයාලගේ මතය මිසක් මගේ මතය නෙමෙයි. හින්දා මන්ත්රීවරුන් එකතු වෙලා ගන්න තීන්දුවකට මම එකඟයිමහින්ද පැවසීය.

මට නඩු 11ක් දාලා තියෙනවා. නඩු 11ක් නෙමෙයි 1000ක් දැම්මත් මම නම් එකතු වෙන්න කැමැති නැහැජොන්ස්ටන් කීවේය.

මමත් ලැහැස්ති නැහැ එකතු වෙන්න. ඊට වඩා අයින් වෙලා ගෙදර යන එක හොඳයිකාංචන පැවසීය.

ජනාධිපතිවරයාට විරුද්ධව මෙච්චර වැඩ කරලා අපි එකතු වුණොත් මට පොළොන්නරුවට යන්න වෙන්නේ නැහැ. හින්දා එකතු වුණොත් මටත් වෙන්නේ දේශපාලනයෙන් සමුගන්නයිරොෂාන් කීවේය.

මම නම් කියන්නේ මේ සාකච්ඡා කළා හොඳටම ඇති. මේ සාකච්ඡා නිසා සී. බී, පවිත්රා, මහින්ද යාපා වගේ අපේ ජ්යෙෂ්ඨයන්ට ගම්වලට යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නේසනත් පෙන්වා දුන්නේය.

මම සී. බී. මිසක් එස්. බී නෙමෙයි. මම සාකච්ඡාවලට ගියේ මහින්ද මහත්තයා ඉල්ලීමක් කරපු නිසා මිසක් ඕවට තියෙන කැමැත්තකට නෙමෙයිසී. බී කීවේය.

මම මේ තුන්දෙනා නම් කළේ හේතු තුනක් නිසයි. පවිත්රා නම්යශීලියි. සී. බී අපිට ඉන්න ජ්යෙෂ්ඨයෙක්. වගේම මහින්ද යාපා කියන්නෙත් ඕනෙම දෙයක් බැලන්ස් එකේ දෙයක් කතා කරන්න පුළුවන් කෙනෙක්. අය ගියේ මගේ ඉල්ලීම නිසයි. හින්දා කාටවත් අයට වරදක් කියන්න බැහැමහින්ද පැහැදිලි කළේය.

අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කිරීමෙන් පලක් නැහැ. හින්දා අපි තීන්දුවක් ගමු. අපි අයට කියපු විදියට ආණ්ඩුවෙන් අයින් වෙන්න සූදානම් නැත්නම් අපි මේ සාකච්ඡා නවත්තමුප්රසන්න කළ යෝජනාව සියලු මන්ත්රිවරු එකඟතාව පළ කළහ.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.