උමා ඔය ව්‍යාපෘතිය අධ්‍යයනය කරන්න නෝර්වේ විශේෂඥයින් අගෝස්තුවේදී

උමා ඔය ව්‍යාපෘතිය පිළිබඳ අධ්‍යයනය කිරීමට නෝර්වේ රාජ්‍යයේ විශේෂඥ කණ්ඩායමක් ලබන  අගෝස්තු මාසයේදී දිවයිනට පැමිණීමට නියමිත බව ජනාධිපති  මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ මේ වන විටත් ජර්මානු විශේෂඥයෙකු එම ව්‍යාපෘතිය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටින බවයි.

ඔහුගේ අදහස් සහ යෝජනා අනුව පවතින ගැටළු නිරාකරණය කර ගනිමින් සිදු විය හැකි හානිය අවම කර ගැනීමට  උපරිම නවීන තාක්ෂණය භාවිතා කර ව්‍යාපෘතිය ඉදිරියට ක්‍රියාත්මක කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

උමා ඔය ව්‍යාපෘතිය හේතුවෙන් ජන ජීවිතයට ඇති වී තිබෙන ගැටළු පිළිබඳව සොයා බැලීම සඳහා ඊයේ පස්වරුවේ ජනාධිපති නිල නිවසේ පැවති සාකච්ඡාවකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ඉටුකළ යුතු සියලු කාර්යයන්ට ප්‍රමුඛත්වය ලබාදෙමින් උමා ඔය ව්‍යාපෘතියේ ඉදිරි කටයුතු පිළිබඳ සොයා බලන බවයි.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.