කොළඹ, ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය 2019-2020 අධ්‍යයන වර්ෂය සඳහා පහත සඳහන් ICCR ශිෂ්‍යත්ව පිරිනමනු ලබන බව නිවේදනය කරයි.
– නේරු අනුස්මරණ ශිෂ්‍යත්ව වැඩසටහන: ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ව්‍යාපාර අධ්‍යයනය, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලුම උපාධි පාඨමාලා (Undergraduate Courses) (වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආවරණය කෙරේ.
– මවුලානා අසාද් ශිෂ්‍යත්ව වැඩසටහන: ඉංජිනේරු විද්‍යාව, විද්‍යාව, ආර්ථික විද්‍යාව, වාණිජ්‍යය, මානව සමාජ විද්‍යාව සහ කලා ඇතුළු සියලුම ශාස්ත්‍රපති උපාධි පාඨමාලා (Masters Degree) (වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ආවරණය කෙරේ.
– රජිව් ගාන්ධි ශිෂ්‍යත්ව වැඩසටහන: B.E හෝ B. Tech උපාධි සඳහා වන තොරතුරු තාක්ෂණ ක්ෂේත්රයේ උපාධි පාඨමාලා (Undergraduate Courses) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පිරිනමනු ලබයි.
– පොදු රාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්ව වැඩසටහන: වෛද්‍ය, පරිපූරක වෛද්‍ය සහ විලාසිතා නිර්මාණකරණය හැර අනෙකුත් සියලු විෂයන් යටතේ ආචාර්ය උපාධි පාඨමාලා (PhD) මෙම ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ පිරිනැමේ.
2. මෙම ශිෂ්‍යත්ව පිරිනැමීම සඳහා ඉන්දීය රජය සුදුසුකම් සපුරාලන, දක්ෂ ශී‍්‍ර ලාංකිකයන් තෝරා ගනු ලබයි. ඉන්දියාවේ ඉහළම විශ්ව විද්‍යාලයන්හි උපාධි, පශ්චාත් උපාධි සහ ආචාර්ය උපාධි පාඨමාලා හැදෑරීම සඳහා අයදුම්කරුවන් තෝරා ගනු ලබන්නේ ශ්‍රී ලංකා උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ මඟ පෙන්වීම යටතේය.
3. සියලුම ශිෂ්‍යත්ව වැඩසටහන් යටතේ සම්පූර්ණ පාඨමාලා කාලය සඳහා අධ්‍යයන ගාස්තු, මාසික ජීවන වියදම් දීමනාවක් සහ පොත් සහ ලිපිද්‍රව්‍ය සඳහා වාර්ෂික ප්‍රදානයක් ලබා දෙනු ලැබේ. තෝරා ගනු ලබන අයදුම්කරුවන්ට විශ්වවිද්‍යාලය ඇතුළත නේවාසිකාගාර පහසුකම්ද සපයනු ලැබේ. පෞද්ගලික ස්ථානයන්හි නවාතැන් ගැනීමට කිසිදු ශිෂ්‍යයෙකුට අවසර දෙනු නොලැබේ.
එසේම සියලුම ICCR ශිෂ්‍යත්වලාභීන් සඳහා පූර්ණ සෞඛ්‍ය පහසුකම්, ඉන්දියාවේ ආසන්නතම ගුවන් තොටුපළ වෙත ගුවන් ගාස්තු සහ ඉන්දියාවේ විවිධ ප්‍රදේශයන්හි අධ්‍යාපන චාරිකා සඳහා වාර්ෂික දීමනාවක්ද වෙනත් දීමනා රැසක්ද ලබා දෙයි.
සුදුසුකම් සපුරාලන අයැදුම්කරුවන්ට නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ www.mohe.gov.lk යන වෙබ් අඩවියෙන් අයදුම්පත් බාගත කර ගත හැක. නගර සැලසුම්, ජල සම්පාදන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය උපාධි / පශ්චාත් උපාධි හා ආචාර්ය උපාධි පාඨමාලා සඳහා සම්පුර්ණ කරන ලද අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2019 ජනවාරි 25 වන දින වේ.
මෙම උපාධි පාඨමාලා සඳහා අයදුම් කිරීමට සපුරා තිබිය යුතු සුදුසුකම් හා තෝරාගැනීමේ ක්‍රමවේදය පිළිබඳ වැඩිදුර විස්තර දැන ගැනීම සඳහා නගර සැලසුම්, ජල සම්පාදන හා උසස් අධ්‍යාපන අමාත්‍යංශය හෝ කොළඹ පිහිටි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලය හා සම්බන්ධ වන ලෙස උනන්දුවක් දක්වන සිසුන් වෙත දන්වනු ලැබේ.
(පැතුම් වික්‍රමරත්න – pathumtw@yahoo.com – 0758335906 )