ඉහළ පෙළේ අමෙරිකානු නිලධාරිණියක මෙරට සංචාරයකට සැරසෙයි!

ඉහළ පෙළේ අමෙරිකානු නිලධාරිණියක ලබන සතියේ මෙරට සංචාරයක නිරත වීමට නියමිතව තිබේ.
දකුණු මධ්‍යම ආසියානු කටයුතු බාර අමෙරිකානු වැඩබලන සහකාර රාජ්‍ය ලේකම් සහ ඇෆ්ගනිස්ථානය හා පාකිස්ථානය සඳහා වන වැඩබලන විශේෂ නියෝජිත ඇලිස් වෙල්ස් මහත්මිය මෙරට සංචාරයක් සඳහා පැමිණෙන බව වාර්තා වේ.
අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේ ආසියානු රටවල් කිහිපයක සංචාරයක් අතර වාරයේ දී ඇය මෙරටට පැමිණෙන බවයි.
මේ මස 31 වැනිදා ඉන්දීය සාගර සමුළුව කොළඹ දී ආරම්භ වීමට නියමිතය.
ඇලිස් වෙල්ස් මහත්මිය ලබන මස පළමු වැනිදා එම සමුළුව ඇමතීමට නියමිතව තිබේ.
ඉන්දියානු සාගර කලාපීය රටවල සාමය සංවර්ධනය සහ සෞභාග්‍යය පිළිබඳ එහි දි අවධානය යොමු කෙරේ.
වැඩබලන අමෙරිකානු සහකාර ලේකම්වරිය මෙරට රැඳී සිටින කාලය තුළ රජයේ ඉහළ පෙළේ නිලධාරීන්, සිවිල් සංවිධාන නියෝජිතයින් සහ ව්‍යාපාරික නායකයින් සමඟ සාකච්ඡා කිරීමට නියමිතය.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.