ඉන්දිය සාගර කළාපයේ ආරක්ෂාව තහවුරු කළ යුතුයි. – ඇමෙරිකාව

දකුණු සහ මධ්‍යම ආසියානු කටයුතු පිලිබද වැඩබලන සහකාර ලේකමි

ඇලිස් ඡුී වෙල්ස් ”ඉන්දු පැසිෆික් කළාපීය ව්‍ය‍්‍රහය” මැයෙන් පැවැත්වූ දේශණය

ඉන්දිය සාගර සම්මන්ත‍්‍රණය 2017 කොළඹ ශ‍්‍රී ලංකාව

 

ඔබ විසින් සිදුකරන ලද හඳුන්වාදීම පිළිබඳව මාගේ ස්තුතිය පුදකරමි. එසේම මෙම සම්මන්ත‍්‍රණය සංවිධානය කිරිමේදී එහි නායකත්වය ගැනීම වෙනුවෙන් මේ අවස්ථාවේදී ඉන්දියා පදනම සහ සිංගප්පූරුවේ සහ ශ‍්‍රී ලංකාවේ සිටින එහි පාර්ශවකරුවන්ට මේ අවස්ථාවේදී මාගේ කෘතඥතාවය පිරිනමමි.

දිගු කාලයක් පුරා පැවැති එක්සත් ජනපදයේ විදේශ ප‍්‍රතිපත්තිය පිළිබඳව සඳහන් කරමින් මෙම අදහස් දැක්වීම ආරම්භ කරමි. එක්සත් ජනපදය සැමවිටම සහ අඛණ්ඩව ඉන්දු පැසිෆික් කලාපයේ බලඅධිකාරිත්වයක් දරණු ඇත.

දශක හතකටත් වැඩි කාලසීමාවක් පුරා නැගෙනහිර අප‍්‍රිකා වෙරළ තීරයේ සිට ඇමෙරිකාවේ බටහිර වෙරළතීරය දක්වා වූ මෙම සුවිශාල වැදගත් ප‍්‍රදේශයේ භූමි ප‍්‍රදේශයේ වගකීම අපි සතුටින් භාරගත්තෙමු. මෙම තත්වය මීලග දශකයන්හිදී ද නොවෙනස්ව පවතිනු ඇත.

මෙම කළාපය සමග ඇමෙරිකාව සම්බන්ධතා පැවැත්වීම මෑතකදී සිදුවුවක් නොවේ. සියවස් දෙකකටත් පෙර නව එංගලන්තයේ සිට ඉන්දියානු සාගරයේ වෙළඳනාවික මාර්ග ඔස්සේ කුළුබඩු, තේ සහ අයිස් රැුගත් නැව් පවා බොස්ටන් සහ කල්කටාව අතර යාත‍්‍රාකර ඇත.

 

අද තත්වය පිළිබඳව සලකා බලන විට මෙම කළාපය හා සම්බන්ධ අපගේ පාර්ශවකරණය සහ පොදු ක‍්‍රමෝපායික අභිලාශයන් තවතවත් ශක්තිමත් වෙමින් අඛණ්ඩව පවතී . මීල`ග මිනිත්තු කිහිපයේ දී ඉන්දියානු සාගර කළාපය පිළිබඳ අපගේ දැක්ම සහ එක්සත් ජනපද මැදිහත්වීම් සහ රාජ්‍යතාන්ත‍්‍රික කාර්යයන් සඳහා පදනම් වන මූලධර්ම හා ඔබ හමුවේ තබන්නෙමි.

පළමුවෙන්ම ඉන්දියානු සාගරකළාපයේ ආර්ථික වර්ධනය, විනිවිදභාවයෙන් යුත් සංවර්ධනය සහ කළාපීය ඒකාබද්ධතාවය පිළිබඳව පොදු දැක්මක් පැවැතිය යුතුයි. වගවීම ඉහළ නංවන, විවෘත වෙළඳ පොළවල්, කළාපයේ ජනතාවට දෘශ්‍යමාන ප‍්‍රතිලාභ ලබාදීම සහ ඒවායෙහිදී තිරසර ක‍්‍රියාකාරකම් වලට අප ප‍්‍රමුඛත්වය ලබාදිය යුතුයි.

දෙවනුව මෙම කළාපයේ තිබෙන රටවල්වලට ඉන්දිය සාගර කළාපයේ ආරක්ෂාවට තර්ජනයක් වන්නාවූ අවස්ථාවන්ට මුහුණුදීමටත්, මානුෂීය සහ පාරිසරික ආපදාවන්ට ප‍්‍රතිචාර දැක්වීමටත් හැකිවිය යුතුයි. ඒකාබද්ධව සිදුකරනු ලබන ධාරිතා ශක්තිමත් කිරීම්

සහ අභ්‍යාස මගින් මෙම අතිශයින් සංකීර්ණ කළාපයේ ආරක්ෂාව සම්බන්ධයෙන් පවත්නා වගකීම් පොදුවේ භාරගත හැකිවනු ඇත.

අවසාන වශයෙන් නිදහස් නාවික ගමනාමනය සහ අර්බුද සාමකාමීව විසඳාගැනීමද ඇතුළත්ව අන්තර්ජාතික ප‍්‍රමිතීන්ට එක`ගවීමට අපි සියලූ දෙනා යොමුකරන්නාවූ කළාපීය මුලධර්ම රාමුවට සහයෝගය දැක්විය යුතුයි. සියලූම ජාතීන්ට නිදහසේ පියාසර කිරීමට, යාත‍්‍රාකිරීමට සහ අන්තර්ජාතික නීතියට යටත්ව මෙහෙයුම් සිදුකිරීමට අවස්ථාව හිමිවිය යුතුයි.

ආර්ථික වශයෙන් වැදගත්වන කරුණු සමගින් අපි ආරම්භ කරමු. ලෝකයේ වාණිජ සහ වෙළඳ කටයුතු වලදී ඉන්දියානු සාගරය ඉතා වැදගත් මධ්‍යස්ථානයක් වේ. ලෝකයේ වෙළඳ නැව් 90000 න්් අඩක් සහ ලෝකයේ තෙල් වෙළ\ාමට සම්බන්ධ නැව් වලින් තුනෙන් එකක් ඉන්දිය සාගරයේ නාවික ගමන්මාර්ග ඔස්සේ ගමන් කරනු ලබයි.

ලෝකයේ ඉතා සීග‍්‍රයෙන් වර්ධනය වන ආර්ථිකයන් ගෙන් සමහරක් මෙම කළාපයේ පිහිටා තිබෙන අතර ලෝක ජනගහනයෙන් හතරෙන් එකක් වාසය කරන්නේ මෙම කළාපයේය. මෙම මිලියන 500 ක් වූ ජනතාවට තවමත් විශ්වාස දායී බලශක්ති මූලාශ‍්‍ර වලට ප‍්‍රවේශ වීමට අවස්ථාව ලැබී නැත.

ආර්ථික ඒකාබද්ධතාවය සවිබලගැන්වීම තුළින් තිරසර සහ සියලූදෙනා අන්තර්කරණවූ වර්ධනයක් ඇතිවේ යැයි අපි විශ්වාස කරන්නෙමු. උදාහරණයක් වශයෙන් දකුණු සහ

ගිනිකොණ දිග ආසියාව තීරුබදු නොවන බාධකයන් 50% කින් අඩු කළහොත් අන්තර් කළාපීය වෙළ\ාම වර්ධනයවී 2030 වන විට දළ දේශීය නිෂ්පාදිතය ඇ එ ජ ඩොලර් බිලියන 568 කින් වැඩිවනු ඇත. මෙය මහත් අපේක්ෂා සහගත එනමුත් ල`ගාකරගත හැකි තත්වයක් ලෙස හැඳින්විය හැකිය.

ඇමෙරිකානු සමාගම් දැනටමත් මෙම කළාපය පුරාම ක‍්‍රියාත්මක වන අතර ඔවුන් බෝතල් කළ බීම වර්ග වල සිට ගුවන්යානා අමතර කොටස් දක්වා වූ සියලූම ද්‍රව්‍ය සපයනු ලබයි. ඇමෙරිකන් සමාගම් 600 කට වැඩි ගණනක් පසුගිය වසර දෙකේදී ඉන්දියාවේ පමණක් සෘජු විදේශ ආයෝජන 500% කින් ඉහළ නැංවීමට දායකත්වය ලබාදී ඇත.

නේපාලයේ ප‍්‍රවාහන සහ බලශක්ති ක්ෂේත‍්‍රයන් හි ඇ එ ජ ඩොලර් මිලිියන 600 ක ආයෝ්ජන සිදුකිරීමට එක්සත් ජනපදය අපේක්ෂා කරයි. මෙය ඉන්දියානු සාගර කලාපය සමග අපගේ ආර්ථික බැඳීම් දිනෙන් දින වර්ධනය වන බවට වන එක් සලකුණක් වේ.

විනිවිදභාවයෙන් යුත් සෘජු විදේශ ආයෝජන හා ශක්තිමත් ඔරොත්තු දෙන්නාවූ බලශක්ති යටිතල පහසුකම් සැකසීමට දිරිදෙන්නාවූ නීතිමය සහ නියාමන නීතිරීති සැකසීමට සහ පිබිදෙන ව්‍යාවසායකයින්ට ඔවුන්ගේ ව්‍යාපාරික අදහස් සංවර්ධනය කරගැනීමට ඒවාට අවශ්‍ය සම්පත් සමග සම්බන්ධ කරලීමට අපි දකුණු ආසියානු රටවල් සමගින් පාර්ශවකරනයෙන් ක‍්‍රියාකරන්නෙමු. ජනාධිපති ට‍්‍රම්ප් සහ අගමැති මෝදී ඔවුන්ගේ ජූනි

2

සමුලූවේදී අවධාරණය කළ පරිදි ඉන්දියාව සහ ඇමෙරිකාව විනිවිදභාවයෙන් යුත් යටිතල පහසුකම් සංවර්ධනය කිරීමෙන් සහ වගකීමෙන් යුත් ණය මූල්‍ය භාවිතයන් මගින් කළාපීය ආර්ථික සම්බන්ධතාවය සවිබල ගැන්වීමට කැපවී ක‍්‍රියාකරනු ඇත.

එක්සත් ජනපදය සේෆ් ඕසියන් නෙට්වර්ක් සමග පාර්ශවකරණයන් ඇතිකරගනිමින් මුලූ මහත් ලෝකයටම තර්ජනයක් වී ඇති නීතිවිරෝධී, ලේඛනගත වීමෙන් තොර සහ නියාමනයෙක් තොර ධීවර කර්මාන්තය වැළැක්වීම සඳහා ක‍්‍රියාකරනු ලබයි. මෙම ක‍්‍රියාමාර්ගය තුළින් ප‍්‍රචණ්ඩත්වයන් ඇතිවන අවස්ථා පරීක්ෂා කිරීමටත්, නීතිය ක‍්‍රියාත්මක කිරීමටත්, නීතිවිරෝධී ක‍්‍රියාවල නිරතවන්නන් නීතිය ඉදිරියට පැමිණවීමටත් හැකිවේ. ලෝකයේ සියලූ දිශාවන් නියෝජනය කරන පාර්ශවකරුවන් 40 දෙනෙකුට වැඩි ගණනක් සේෆ් ඕසියන් නෙට්වර්ක් හා සම්බන්ධවී ඇති අතර අපි සියලූම ජාතීන්ට මේ හා සම්බන්ධවන ලෙස ඇරයුම් කර සිටිමු.

දකුණු ආසියාවේ අපගේ කළාපීය පාර්ශවකරුවන් ඔවුන්ගේ කාර්යයභාරයක් ඉටුකරමින් සිටී. ඉන්දියාව ඇක්ට් ඊස්ට් ප‍්‍රතිපත්තිය මගින් තමන්ගේ අසල්වැසි රාජ්‍යයන් සමගින් ශක්තිමත් වෙළඳ සහ යටිතල පහසුකම් සම්බන්ධතා ඇති කරගනිමින් සිටී. උදාහරණයක් වශයෙන් බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලය ඔවුන්ගේ දේශ සීමා හරහා නිදහසේ භාණ්ඩ සහ මගීන් ප‍්‍රවාහනයට ඉඩ සැලසීමට මෝටර් වාහන ගිවිසුමක් ක‍්‍රියාවට නංවනු ලබයි.

ෑජදබදපසජ ක්‍දදචැර්එසදබ* බෙංගාල බොක්ක ප‍්‍රදේශයේ බහු ආංශික තාක්ෂණිික සහ ආර්ථික සහයෝගීතාවය හි ඇතිවී තිබෙන ප‍්‍රගතිය අගය කරන අතර විදුලිබල ජාලය සම්බන්ධකිරීම සහ ප‍්‍රවාහනය පිළිබඳ ගිවිසුම ක‍්‍රියාවට නැංවීම මීලග ඊෂඵීඔෑක්‍ සමුලූවට කලින් සිදු කළ හැකි යැයි අපේක්ෂා කරමුග

මෙම කළාපය අසීමිත අසමසම අවස්ථාවන් රාශියක් උදාකරන අතරම ත‍්‍රස්තවාදය, සංක‍්‍රාන්තික අපරාධ, මානව කූට්ටනය සහ මත්ද්‍රව්‍ය ජාවාරම වැනි ආරක්ෂාව සම්බන්ධයෙන් විවිධ අභියෝගයන් රාශියකටද මුහුූණදේ.

මෙම අභියෝගයන් තුරන් කිරීමට එක්සත් ජනපදය කළාපීය පාර්ශවයන් අතර බුද්ධි තොරතුරු හුවමාරු කිරීම වැඩිදියුණූ කිරීම සහ ප‍්‍රජා පොලිස් සේවා, මත්ද්‍රව්‍ය මැඩලීම,

ගුවන් ගමන් ආරක්ෂාව සහ අධිකරණ වෛද්‍ය විශ්ලේෂණ වැනි අංශ වල ධාරිතා ශක්තිමත් කිරීමට උත්සාහ දරනු ලබයි. එසේම නාවික අඩවි එකිනෙකා හා සම්බන්ධවී ක‍්‍රියාකිරීමේ අවශ්‍යතාවය පිළිබඳව පිළිබඳ දැනුම්වත්භාවය නංවාලීමේ දැඩි අවශ්‍යතාවයක් පවතී. දිනෙන් දින කාර්ය බහුල වන්නාවු නාවික වාතාවරණයක් තුළ ගුණාත්මක වශයෙන් උසස් මට්ටමේ සහයෝගීතාවයක පදනම වන්නේ විශ්වාසදායී තොරතුරු හුවමාරුවයි.

 

 

3

ඉන්දීය සාගර කළාපයේ අපගේ පාර්ශවයන්ගේ වෙරළාරක්ෂක ධාරිතාවයන් ශක්තිමත් කිරීමටද එක්සත් ජනපදය කැපවී ක‍්‍රියාකරනු ලබයි. අද දින සිට සති දෙකක් ඇතුළත ලෝක වෙරළාරක්ෂක සංසදය පැවැත්වෙන අතර මෙයට අනුග‍්‍රහය දක්වන්නේ ජපානයයි . මෙමගින් නාවික ගමනාගමනය මගිින් ඇතිිවන්නා වූ ¥ෂණය වැළැක්වීම, නීතිය කි‍්‍රයාවේ නැංවීම, සෙවීමේ සහ මුදාගැනීමේ කටයුතු සහ වෙනත් අංශ ගණනාවක් වැඩි දියුණුකිරීම සඳහා සහයෝගයෙන් ක‍්‍රියාත්මක වීම වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. මෙහි සිටින සියලූම ජාතීන්ට මෙයට සහභාගී වන ලෙස ආරාධනා කරමු. නාවික කටයුතු වලදී සහයෝගයෙන් ක‍්‍රියාත්මකවීම වැඩිදියුණු කිරීම සම්බන්ධයෙන්ද එක්සත් ජනපදය උනන්දුවෙන් කටයුතු කරයි. ජුලි මාසයේ දී පැවැත්වුනු එක්සත් ජනපද, ඉන්දියා, ජපන් නාවික අභ්‍යාස මෙතෙක් පැවැති විශාලතම සහ වඩාත් සංකීර්ණ නාවික අභ්‍යාසය වු අතර මෙයට පුද්ගලයින් දස දහසක් පමණ සහභාගී වූහ.

 

අපි ශ‍්‍රී ලංකාව හා එක්සත් ජනපදයේ නාවික හමුදාවන් අතර අතර පවත්නා සම්බන්ධතාවයන් වැඩිකරගනිමින් සිටිමු. මේ සම්බන්ධයෙන් අපගේ පළමු නාවික අභ්‍යාසය ඔක්තෝබර් මාසයේදී පවත්වනු ලැබිණි. ගිනිකොණදිග ආසියා සහයෝගිතා සහ පුහුණු වැනි නිතිපතා පැවැත්වෙන අභ්‍යාස තුළින් බංග්ලාදේශය සමගින් අප අඛණ්ඩව පවත්වාගෙන එනු ලබන සම්බන්ධතාවයන් අපි අගය කොට සලකමු.

නුදුරු අනාගතයේදීම යම් දිනක මෙම කළාපයේ සියලූම නාවික හමුදාවන් එකාබද්ධව මෙම අභ්‍යාසයට සහභාගී වී නාවික කටයුතු අන්තර්ජාතික මට්ටමට ඉහළ නැංවීමට අවශ්‍ය සාමුහික ශක්තිය ගොඩනැංවීමට සහයෝගයෙන් ක‍්‍රියාකරනු ඇත.

ඉන්දියානු සාගර කළාපයේ සඳහා වු අපගේ පොදු පරමාර්ථය එනම් විවෘත, මුලධර්ම මත පදනම්වු සහ අර්බුදයන්ට ඔරොත්තු දෙන තත්වයක් මෙම කළාපයේ පවත්වාගෙන යාම යථාර්ථයක් බවට කරගැනීම සඳහා අපට ද්වි පාර්ශවීය සහ බහුපාර්ශවීය සහයෝගයෙන් යුත් සක‍්‍රීය කලාපීය වැඩසැලැසමක් අවශ්‍යවේ. මෙහිදී සියලූම රාජ්‍යයන්ට පිළිගැනීමත් සහ ඔවුන් තීරණ ගැනීම ක‍්‍රියාවලියට සහ ප‍්‍රතිඵල වලට වගකීම් දරනු ලබයි. කළාපීය පාර්ශවකරුවන් පහත සඳහන් පොදු දැක්්මට අනුව කටයුතු කළ යුතුය.

x සාගර සුරැුකීම සඳහා වු ප‍්‍රඥප්තීන් වල අඩංගු වන්නාවූ අන්තර්ජාතික නීතිවලට

ගරු කිරීම

x දකුණු සහ ගිණිකොන දිග ආසියාවේ ආර්ථික දේශපාලන සහ සමාජ සම්බන්ධතා වලට සහයෝගය ලබාදීම

x ඉන්දීය සාගර කළාපයේ පාර්ශවකරුවන් සම්බන්ධ කරගනිමින් මෙම කළාපයේ මානුෂීය සහ ආපදා සහන ධාරිතාවන් නාවික අභ්‍යාස තුලින් සංවර්ධනය කිරීම සහ

x ඉන්දියානු සාගර කළාපයේ ආර්ථිකයන්ට වීසා නීති ලිහිල් කිරීමට, තරගකාරී වෙළඳ පොලවල් ඇතිකිරීමට සහ වෛද්‍ය සහ අධ්‍යාපන පහසුකම් වලට ප‍්‍රවේශය ලබාදීමට උනන්දු කරවීම

4

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.