ඉන්දියාවේ සිට ලියමි …

ඉන්දියාවේ සිට ලියමි…

ඉන්දියාවේ දැවෙන චිතකයන්  අතර දැවෙන හදවත් අසීමිතයි.. ඇතමුන් පීඩාව දරා ගත නොහැකිව විශාද තත්වයට පත්වෙලා ඉන්නවා .. මේ ළගදි මගේ මිතුරෙකුගේ මවත් පියාත් කොරෝනා නිසා රෝහල් ගත කරා.. පියා සුව වී ගෙදර ගියත් මව සුව වූයේ නැහැ… ඇය මිය ගියා.. නමුත් ඇය මියගියේ කොරොනා වලින් නෙමෙයි.. ඈ සිය දිවි නසා ගත්තා.. කෙසේ නමුත් මේ කාලය මුලු ලොවටම මහ දුක්ඛිත කාලයක්.. එයිනුත් ඉන්දියාවට .. ලොවපුරා පිහිටි රටවල් කීපයයි බේරිලා තියෙන්නෙ මං දන්න තරමින්..

එක වෙලාවකට පුදුමත් හිතෙනවා..

ඉන්දියාවට උනු දේ බැලුවහම.. දෙවියන් කෙරෙහි අපමණ භක්තියක් තියෙන.. අවිහිංසාවාදයේ උපරිමයට ගිය.. කුරා කුහුඹුවෙකු තබා ලූණූ බීජයක් වත් නොමැරිය යුතුයි සිතන මේ අහිංසක මිනිසුන් ඇයි මේ තරම් දෙවියන් මරා දැමීමට ඉඩ දෙන්නෙ.. දෙවියන් ට මෙය පාලනය කල හැකිද නොහැකි ද..

මැශින් තුලට පණ පිටින් සතුන් ගාල් කරන , මස් හා කිරි වෙනුවෙන්ම සතුන් ඇතිකරන  , නවසීලන්තය වැනි රටක් දෙස බලන්න …. , එක්  කොරෝනා රෝගියෙකුදු   නැති නිසාම ,දහස් ගනන් එක්ව මේ මොහොතේත් පාටි දමන නවසීලන්තය වැසියන් දෙස බලන්න ..

දෙවිටන්ද මෙලොව පාලනය කරන්නේ…

මේ වෙලාව මෙවැනි දේ හිතිය යුතු දැයි.. මම දන්නේ නැහැ..

නමුත් මට හිතෙන්නේ බුදු දහම අනුව කියවෙන කර්මය පිලිබද කියවෙන , මිනිසාට පාලනය කල නොහැකි කර්ම විශේෂයක් පවතිනවා… මේ එම කර්ම විශේෂය.. භගවත් ගීතාවෙ පවා කියවෙන අකර්ම.. නම්වූ කර්ම විශේෂය.. ඒ සදහා මිනිසාට දඩුවම් හෝ වාසනාව ලබා දෙන්නෙ සොබා දහම..

ඒත් සමස්ත මිනිසුන් කෙරෙහිම උරණවූ සොබාදහම දඩුවම් දෙන බොහොමයක් දුප්පතුන් ඉන්දියාවේනම් ..

පලමු රැල්ලෙදි දුප්පත් පොහොසත් භේදයක්

නොමැතිව බොහෝ අය ගොදුරු උන නමුත් අදවෙද්දි දුප්පතුන් තමය් ගොදුරු වෙන්නෙ.. ඊට හේතුව උනේ පොහොසතුන් තම නිවෙස් වලමICU bed හා අවශ්ය පහසුකම් හදා ගත්තා.. අවශ්ය ඔක්සිජන් ගෙවල් වල ගබඩා කර ගත්තා.. ඒ අතර මුඛ වාඩමක් ගන්න සල්ලි නැති අය චුන්නියෙන් මුහුණ බැදගත්තේ.. පිරිමි අය නම් තමන්ගෙ ජටාවෙන්.. …ලේන්සුවෙන්.. නැත්නම් කිළිටි වූ රෙදි මුඛවාඩමෙන්..පුංචි තේ කඩේ පටන් පේමට් එකෙ පූරි කරත්තේ.. පවා තවම වැඩ.. ඒවයින් කන බොන කම්කරුවො මහමග වැඩ.. මේ දවස් වල දර කපන් විකුනන අයට වැඩ.. කනත්ත ගාව කුලීකරුවන්ට වැඩ..

ලොකු දොස්තරලා ලොකු සූට් ඇන්දට එදාවෙල හොයන ඔවුන් දෝතියෙන්ම වැඩ්…ඉතිං මේ දුප්පතුන් හඬන  ඉන්දියාව .. දුප්පතුන් හුස්ම ඉල්ලන ඉන්දියාව .. පොහොසතුන්ට, ඉහල කුලවල අයට ඔක්සිජන් දෙන ඉන්දියාව .. කලු සල්ලි වලට ඔක්සිජන් සපයන.. ICUඇදන් හිමිවන .. රජයේ රෝහල් වල ඉඩ නැතිවූ . පෞද්ගලික රෝහල්වල ඇදකට දිනකට රුපියල් 50000INR( 150000LKR) වත් ගෙවිය යුතු ඉන්දියාව ..

අපේ රටේ කිසිදිනෙක මා නොදුටු දුගී බව පිරි.. මිනිසත් කම මිත්යාවෙන් වසා මුදල් උපයන බමුණන් සපිරි.. බුදුන් දෙස බුදු දහම දෙස වපැරසින් බලමින් බුදු හිස මත් මල් පෝච්චි සැදූ.. ගිනි ගෙන දැවෙන හිත්වලින් පිරි ඉන්දියාව.

 

නිමාලි තක්ෂිලා විතානගේ

2021.4.27

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.