ඉදිකිරීම් කර්මාන්තයේ වර්තමානය, අභියෝග හා හෙට දවස

ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ වර්ධනය අද දවසේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වී ඇත. නිවාස සඳහා ඇති ඉල්ලූම වැඩිවීමත්, නිවාස ඉදිකිරීම සඳහා රජයෙන් ලැබෙන දිරිගැන්වීම වැඩිවීමත් හේතුවෙන් නිවාස ඉදිකිරීම් අංශය වේගයෙන් පුළුල් වෙමින් පවතී. එපමණක් නොව කාර්යාල පහසුකම් අඩුකම නිසා අහස උසට සිදුවන ඉදිකිරීම් දිනෙන් දින වැඩි වෙමින් තිබේ. ශ‍්‍රී ලංකාව තුළ සිදුවන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම් අතර ඇමරිකානු ඩොලර් බිලියන 40 ක වියදමකින් සිදුකිරීමට නියමිත මහනගර සංවර්ධන ව්‍යාපෘතියත් සමග ඉදිකිරීම් ක්ෂේත‍්‍රය උඩුයටිකුරු වීමට ඉඩ ඇත.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය සම්බන්ධයෙන් කතා කරන විට ප‍්‍රධාන කරුණු කිහිපයක් කෙරෙහි අවධානය යොමුකළ යුතුව ඇත. එනම් උසස් තත්ත්වයේ අමුද්‍රව්‍ය, නවීන තාක්ෂණය, මනා කළමනාකාරීත්වය, මූල්‍ය විනය, පුහුණු ශ‍්‍රමිකයන්, සුදුසු නියාමන අධිකාරියක් පැවතීම යනාදියයි. ඉදිකිරීම් කර්මාන්තය තුළ තත්ත්වය හා ප‍්‍රමිතිය උසස් තත්ත්වයෙන් පැවතීමට නම් මෙම සාධක මනාව සම්පූර්ණ වීම බෙහෙවින් වැදගත් ය. අඩු මිලට සිමෙන්ති ලබා දීමේ මුවාවෙන් ප‍්‍රමිතියෙන් අඩු සිමෙන්ති ගෙන්වා බෙදාහැරීමට ඇතැම් පාර්ශව පෙළඹී සිටීම නිසා සිමෙන්ති සම්බන්ධයෙන් රටේ පැවති විශ්වාසය යම්තාක් දුරකට පළුදු වී ඇති අතර ප‍්‍රමිතිකරණයේ පවතින යම් යම් අඩුපාඩුද මිට බලපෑම් ඇති කරයි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අදාළ වන මූලික අමුද්‍රව්‍ය ලෙස සිමෙන්ති, වැලි, ගල් හා යකඩ ආදිය පෙන්වා දිය හැක. මීට අමතරව තවත් බොහෝ දේ ඉදිකිරීම්වලදී යොදාගන්නා නමුත් ඉදිකිරීමක වැදගත්ම සාධක දෙකක් වන එහි ශක්තිය හා කල්පැවැත්ම තීරණය කරන කොන්ක‍්‍රීට්වල තත්ත්වය රඳා පවතිනුයේ සිමෙන්ති, ගල්, වැලි හා යකඩවල තත්ත්වය මත ය.

සිමෙන්ති

ඉහත සඳහන් කළ අමුද්‍රව්‍ය අතරින් විශේෂ තත්ත්ව පාලනයක් යටතේ කර්මාන්ත ශාලාවක නිපදවනු ලබන එකම අමුද්‍රව්‍යය සිමෙන්ති ය. මෙහිදී දේශීය සිමෙන්ති නිෂ්පාදකයා ඔසවා තැබිය යුතු වන්නේ ඕනෑම ඉදිකිරීම් ආයතනයකට මුල සිටමල නිවැරදිව සිමෙන්ති නිෂ්පාදනයේ ප‍්‍රමිතය හා තත්ත්ව පාලනයක් පවත්වා ගත හැකි බැවිනිග ශ‍්‍රී ලංකාව තුළ සිදුවන ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ පිබිදීමට සමගාමීව ප‍්‍රමිතිකරණයද කිසියම් නවීකරණයකට ලක්වන්නේ නම් හොඳ තත්ත්වයේ සිමෙන්ති තෝරාගැනීමට එය පාරිභෝගිකයන්ට මනා පිටිවහලක් වනු නිසැක ය. මෙම වර්ධනයට සමගාමීවල අඩු මිලට ප‍්‍රමිතියෙන් අඩු සිමෙන්ති ගෙන්වා බෙදා හැරීම වෙනුවට නිසි ප‍්‍රමිතියෙන් යුතු සිමෙන්ති භාවිතයෙහි වැදගත්කම ක්ෂේත‍්‍රය තුල මෙන්ම පාරිභෝගික ජනතාව තුලද ස්ථාපිත කිරීම අත්‍යාවශ්‍යයයග

වැලි

ඉදිකිරීම් ක්ෂේත‍්‍රය මුහුණපා ඇති ප‍්‍රධාන ගැටලූවලින් එකක් වන්නේ උසස් තත්ත්වයේ, පිරිසිදු වැලි ලබාගැනීමේ දුෂ්කරතාවයි. එබඳු වැලි කලාතුරකින් හමු වුවද ඒවා මිලෙන් අධික වේ. ඉල්ලූමට සාපේක්ෂව පවතින සම්පත් හිඟ වීම මීට බලපා ඇති එක් ප‍්‍රධාන හේතුවකි. පමණ ඉක්මවා වැලි භාවිතයෙන් පරිසරයට ඇතිවිය හැකි හානි සලකා බලා රජය විසින් වැලි ගොඩදැමීම සම්බන්ධයෙන් දැඩි නීතිරීති පනවා ඇත.

මේ නිසා යම් යම් පුද්ගලයන් ගොඩ වැලි නිධි සොයාගෙන ඒවායින් වැලි ලබාගැනීමටද පෙළඹී තිබේ. එහෙත් ගොඩ වැලිවල අන්තර්ගත මඩ ප‍්‍රමාණය ප‍්‍රතිශතයක් ලෙස නිර්දේශිත සීමාවන්ට වඩා ඉහළ අගයක් ගන්නා නිසා ගොඩ වැලි භාවිතයේදී කොන්ක‍්‍රීට් මතුපිට ඉරිතැලීම් හා පිපිරීම් ඇතිවීම පාලනය කිරීම ඉතාමත් අපහසු ය.

මෙවැනි තත්ත්වයක් මත ඉදිකිරීම් ක්ෂේත‍්‍රය බිඳ නොවැටීමට නම් රාජ්‍ය හා පෞද්ගලික අංශ දෙකේම ඉක්මන් මැදිහත් වීමක් අවශ්‍ය වේ. මෙහිදී ගැඹුරු මුහුදෙන් වැලි පොම්ප කර ලවණ ප‍්‍රමාණය සුදුසු මට්ටමට පාලනය කොට ලබාදීම සිදුකළ හැක. දැනට ශ‍්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව මේ සඳහා ආරම්භයක් ලබාගෙන ඇති නමුත් පෞද්ගලික අංශයත් ඒ සඳහා එකතුකර ගැනීමෙන් ඉල්ලූමට සරිලන සැපයුමක් ලබාදිය හැකිවනු ඇත.

 

බොරළු හා පස්

බොරළු හා පස් ලබාගැනීමේ දුෂ්කරතා බලවත් ලෙස ඉදිකිරීම් කටයුතු වලට බලපායි. මේ සඳහා සුදුසු බිම් සිතියම්ගත කිරීම දැනට යම් ප‍්‍රමාණයකට සිදුවුවත් එය වහාම විසඳිය යුතු තවත් වැදගත් ප‍්‍රශ්නයකි.

 

කොන්ක‍්‍රීට් ගල්

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ව්‍යාප්තිය වැඩි වන තරමට කොන්ක‍්‍රීට් ගල් හිඟයක් ඇතිවීම ඒකාන්ත වශයෙන්ම සිදුවිය හැක. එමෙන්ම හොඳ තත්ත්වයේ, නියමිත ප‍්‍රමාණයේ හා හැඩයේ කොන්ක‍්‍රීට් ගල් දක්නට ලැබෙනුයේ කලාතුරකිනි.

ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නව පිබිදීමත් සමග පැරණි ඉදිකිරීම් කඩා ඉවත් කිරීමද බහුලව සිදුවේ. මෙම සුන්බුන් ප‍්‍රතිචක‍්‍රීකරණය කර නැවත යොදාගැනීමේ ක‍්‍රමයක් සකස් කරගැනීම ඉතාමත් වැදගත් ය. උදාහරණයක් ලෙස ගාල්ල නගර සභාව දැනට වසර 10 කට අධික කාලයක් තිස්සේ සිය ඉදිකිරීම් සඳහා මෙසේ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන ලද අමුද්‍රව්‍ය භාවිතා කිරීම සාර්ථක ලෙස කරගෙන යනු ලබයි. මෙය ශ‍්‍රී ලංකාවේ සියලූ ආයතනවලට ආදර්ශයක් ලෙස පෙන්වා දිය හැක.

යකඩ කම්බි (වැරගැන්නුම්)

වෙළඳපොළේ ඉල්ලූම ඉහළ යාම නිසා ඇතිවී ඇති දැඩි තරගකාරීත්වය මත අඩු මිලට යකඩ කම්බි ලබාදීම සඳහා නිෂ්පාදකයෝ පෙළඹී සිටිති. මේ හේතුවෙන් අඩු ප‍්‍රමිතියේ යකඩ කම්බි යොදා කරනු ලබන ඉදිකිරීම් පසු කාලයේදී කඩාවැටීමේ අවදානමක් ඇති බව ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ පෙන්වා දෙති.

නවීන තාක්ෂණය

තවමත් ශ‍්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නියැළි වැඩි දෙනෙක් සාම්ප‍්‍රදායික සීමාමායිම්වලින් ඔබ්බට යාම සඳහා මැලිකමක් දක්වනු පෙනේ. මේ නිසා එම ආයතන තුළ මූල්‍ය කළමනාකරණය, තාක්ෂණය හා ව්‍යාපෘති කළමනාකරණය යනාදී සියලූ අංශවල පවතිනුයේ දැඩි පසුබෑමකි. මෙම තත්ත්වයෙන් ගොඩ ඒමට නම් ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියේ අධීක්ෂණ කටයුතු තීව‍්‍ර කළ යුතු අතර, කොන්ත‍්‍රාත්කරුවන්ගේ සංගමයත් සහයෝගයෙන් කටයුතු කොට කර්මාන්තය ඉහළට ඔසවා තැබීමට කටයුතු කළ යුතු ය. එමෙන්ම අප මීට පෙරද සාකච්ඡුා කළ පරිදි, අමුද්‍රව්‍ය සම්බන්ධ ගැටලූ මගහරවා ගැනීම සඳහා නවීන තාක්ෂණය භාවිතා කිරීමත්, විකල්ප ද්‍රව්‍ය සඳහා පර්යේෂණ පැවැත්වීමත් අත්‍යවශ්‍ය වේ.

තවද විදේශ ආධාර මත සිදුවන මහා ව්‍යාපෘතිවලදී ජාත්‍යන්තර සමාගම් සමග එක්ව වැඩකිරීමේ අවස්ථාව දේශීය කොන්ත‍්‍රාත්කරුවන් වෙත ලබා දිය යුතු ය. ඒ සඳහා රජය මැදිහත් වී කටයුතු කිරීම වැදගත් වන අතර එමගින් දේශීය කොන්ත‍්‍රාත්කරුවන්ගේ දැනුම, හැකියාවන් හා දක්ෂතාවත් බොහෝ ඉහළ මට්ටමකට ගෙන යා හැක.

පුහුණු ශ‍්‍රමය

අප අවධානය යොමු කළ යුතු මීළඟ ප‍්‍රධාන කරුණ වන්නේ පුහුණු ශ‍්‍රමයයි. පැහැදිලිවම ශ‍්‍රී ලංකාව තුළ පුහුණු ශ‍්‍රමිකයන්ගේ හිඟයක් පවතී. එම නිසා ව්‍යාපෘති නිසි වේලාවට නිමකර ගැනීමට නොහැකිව කොන්ත‍්‍රාත්කරුවෝ ගැටලූ රාශියකට මුහුණදෙති. මහබැංකු වාර්තාවන්ට අනුව, ශ‍්‍රී ලංකාවේ කොන්ත‍්‍රාත්කරුවන් විසින් භාරගන්නා ලද ඉදිකිරීම්වල වටිනාකම 1995 වසරේදී රු. බිලියන 15 ක් වූ අතර එය 2015 වසර වන විට රු. බිලියන 200 දක්වා වැඩිවී තිබේ. මෙය 1233% ක ඉහළ යාමකි. එහෙත් මීට සාපේක්ෂව ශ‍්‍රම බලකාය වර්ධනය වී ඇත්තේ 8% ක් තරම් ඉතා සුළු ප‍්‍රතිශතයකින් පමණි. මෙම ගැටලූව මගහරවා ගැනීම සඳහා වෘත්තීය අධ්‍යාපනය පාසල් විෂය ධාරාවට පහළ ශ්‍රේණිවල සිටම ඇතුළත් විය යුතු අතර එම එම විෂයය සඳහා විශේෂ පුහුණුවක් ලැබූ දක්ෂ ගුරුවරුන් යොදාගත යුතු ය.

පාසල් හැරගොස් සිටින රැුකියා විරහිත තරුණ තරුණියන් විශාල ප‍්‍රමාණයක් දිවයින තුළ සිටියත්, ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ නියැළීමෙන් වැඩි ආදායමක් ලබාගැනීමේ හැකියාවක් ඇතත්, සමාජය තුළ මුල්බැසගෙන තිබෙන, ඉදිකිරීම් කටයුතුවල යෙදෙන්නන් පිළිබඳ පහත මානසිකත්වයන් වෙනස් කරන තෙක්, තරුණ පිරිස් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට ඇතුළත් කරගත නොහැක.

රජයත්, පෞද්ගලික අංශයත් ඒකාබද්ධ වී පුළුල් වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කිරීම, තනතුරු නාම, නිල ඇඳුම්, නිල හැඳුනුම්පත්, බැංකු ණය පහසුකම් ආදිය පිරිනැමීම සහ සේවා පරිශ‍්‍රයේ හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම ආදිය තුළින් මෙම අඩුව පහසුවෙන් සපුරාගත හැකිවනු ඇත.

 

ඉදිකිරීම් නියාමනය

ශ‍්‍රී ලංකාව තුළ ඉදිකිරීම් නියාමනය කරනුයේ ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරිය :ක්‍ෂෘ්* මගිනි. කොන්ත‍්‍රාත්කරුවන් ශ්‍රේණිගත කිරීම හා ලියාපදිංචි කිරීම, ශ‍්‍රමිකයන් පුහුණු කිරීම සහ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට අදාළ අමුද්‍රව්‍යවල සීමාවන් නීර්ණය කිරීමත් මෙම ආයතනය මගින් සිදුවේ. කෙසේ වුවද මෙම වගකීම් සම්භාරය සාර්ථක ලෙස ඉටුකිරීමට උත්සාහ කිරීමේදී ක්‍ෂෘ් ආයතනය යම්යම් ගැටලූවලට මුහුණ දී ඇති බව අපට පෙනී යයි. 2014 අංක 33 දරන ඉදිකිරීම් සංවර්ධන පනත අනුව ඉදිකිරීම් කර්මාන්ත සංවර්ධන අධිකාරියට ඉදිකිරීම් ක්ෂේත‍්‍රය නියාමනය කිරීම සඳහා සියලූ බලතල පවරා තිබෙන නමුත් එම පනතින්ම අපේක්ෂිත අරමුදල් මෙතෙක් නොලැබීම නිසා එම ආයතනෙය් අපේක්ෂිත සේවාවන් මෙතෙක් ලබාදීමට නොහැකි වී ඇත.

එම අඩුපාඩුව සපුරාගැනීමෙන් පසු නියාමන ක‍්‍රියාවලිය ආරම්භ කිරීමට හැකිවන අතර ඉදිකිරීම් ක්ෂේත‍්‍රයේ ප‍්‍රගමනයට සිදුකරනු ලබන  ඕනෑම කාර්යයකට ශ‍්‍රී ලංකා ජාතික ඉදිකිරීම් සංගමයේ :භක්‍්ීඛ* පූර්ණ සහයෝගය නිරන්තරයෙන් ලැබෙන බව සතුටින් ප‍්‍රකාශ කරමු.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.