ඇමෙරිකාව සහ හවුල් රටවල් සිරියාවේ රසායනික අවි ඇති තැන්වලට පහර දෙති

"සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් " බව ජනාධිපති ට්‍රම්ප් කීය.
Image caption“සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් ” බව ජනාධිපති ට්‍රම්ප් කීය.

සිරියාවේ රසායනික අවි ඇතැයි සැලකෙන ස්ථාන ඉලක්ක කරමින් එරට ආණ්ඩුවේ ඉලක්ක ගණනාවකට ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය හා ප්‍රංශය ගුවනින් බෝම්බ හෙලූහ.

මෙම ගුවන් ප්‍රහාර එල්ල කෙරුනේ සිරියාවේ ඩුමා නගරය වෙත එල්ලවූ රසායනික යැයි සැකකෙරෙන ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙනි.

දමස්කස් අගනුවර මෙන්ම හොම්ස් නගරය ආසන්න ස්ථාන දෙකක පිපිරීම් සිදුවූ බව පෙන්ටගනය පැවසීය.

සිය හවුල්කරුවා වෙත එල්ල කරන ලද ප්‍රහාරය “පලවිපාකවලින් තොර නොවනු ඇති බව” ඇමෙරිකාවේ සිටින රුසියානු තානාපතිවරයා සඳහන් කළේය.

ඇමෙරිකාවේ වේලාවෙන් රාත්‍රී 9 ට ධවල මන්දිරයේ සිට ජාතිය ඇමතූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, “ප්‍රංශ හා බ්‍රිතාන්‍ය හමුදා සමග එකාබද්ධවූ මෙහෙයුමක් දැන් ක්‍රියාත්මකවනවා ” යැයි කියා සිටියේය.

වසර හතක් ගෙවී ඇති සිරියානු යුද්ධය තුළ ජනාධිපති බශාර් අල් අසාද් ගේ ආණ්ඩුවට එරෙහිව බටහිර බලවතුන් විසින් දියත් කරන ලද මෙම ප්‍රහාර මාලාව වඩාත් සුවිශේෂී යැයි සැලකේ.

ටොමහෝක් කෘස් මිසයිලයක්
Image captionටොමහෝක් කෘස් මිසයිලයක්

“එක් වරක පහරක්”

ජනාධිපති ට්‍රම්ප් ගේ නිවේදනයෙන් අනතුරුව ප්‍රහාර එල්ල කෙරුණු ඉලක්ක තුනක් පිළිබද ජෙනරාල් ජෝසෆ් ඩන්ෆර්ඩ් පැහැදිලි කළේය :

  • රසායනික හා ජීවවිද්‍යාත්මක අවි නිපදවීමට සම්බන්ධ යැයි සැලකෙන දමස්කස් හි පිහිටි විද්‍යාත්මක පර්යේෂණායතනයක්
  • බටහිර හොම්ස් හි පිහිටි රසායනික අවි ගබඩාවක්
  • හොම්ස් නගරයට ආසන්න රසායනික අවි උපකරණ ගබඩාවක් හා පාලන ස්ථානයක්

මිසයිල දුසිමකට වැඩි ප්‍රමාණයක් බිම හෙලා ඇති බව වාර්තා කළ සිරියානු රජයේ රූපවාහිනිය, දමස්කස් නගරයේ පර්යේෂණායතනයට පමණක් හානි වී ඇති බව කීය.

හොම්ස් නගරයේදී සිවිල් වැසියන් තිදෙනෙකු පමණක් තුවාල ලබා ඇති බවද කියා සිටියේය.

මෙම මෙහෙයුමේදී ඇමෙරිකානු පාර්ශ්වයට අලාභ සිදුවී ඇති බවක් වාර්තාවී නැතැයි එරට ආරක්ෂක ලේකම් ජේම්ස් මැටිස් වාර්තාකරුවන්ට සඳහන් කළේය.

“සිරියානු පාලනය තහනම් කරන ලද රසායනික භාවිතය නවතන තෙක් මෙම ප්‍රතිචාරය පවත්වාගෙන යාමට සූදානම් ” බව ජනාධිපති ට්‍රම්ප් මීට කළ කතාවේදී පැවසුවත් මැටිස් කියා සිටියේ “දැනට, මේක එක වරක පහරදීමක්” යනුවෙනි. ජෙනරාල් ඩන්ෆර්ඩ් ද ප්‍රහාර මාලාව නවතන ලද බව තහවුරු කළේය

Reporter Author

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.