ඇමති රාජිතට එරෙහි චෝදනා ලැයිස්තුව මෙන්න

බරපතල දූෂණ, වංචා චෝදනා සහ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් ‘පක්ෂග්‍රාහී වීම’ ඇතුළු චෝදනා හේතුවෙන් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට එරෙහිව පාර්ලිමේන්තුවේ විශ්වාසය භංග වී ඇති බව ඒකාබද්ධ විපක්ෂය පවසයි.

ඒ අනුව ඇමතිවරයාට එරෙහි සිය චෝදනා ඇතුළත් විශ්වාස භංග යෝජනාවක් ඒකාබද්ධ විපක්ෂය විසින් ,  කරු ජයසූරිය වෙත භාර දුන්හ.

චෝදනා දහයක් යටතේ අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන විශ්වාස භංග යෝජනාවට මන්ත්‍රීවරුන් 39 දෙනෙකු අත්සන් තබා තිබේ.

එම චෝදනා ලැයිස්තුව මෙසේය –

  1. අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර තිබෙන චෝදනා සම්බන්ධ විභාගයට සහභාගි නොවීම
  2. එසේ මග හැරීම හේතුවෙන් එකී චෝදනාවලට ඔහු වැරදිකරු බවට සමාජයේ මතයක් ගොඩ නැගීම
  3. ශ්‍රී ලාංකික වෛද්‍ය අධ්‍යාපනය තුළ බරපතල අර්බුදයක් නිර්මාණය කිරීම
  4. නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරාගත් බව පවසමින් එය මහජන මුදලින් නඩත්තු කිරීම
  5. අභියාචනකරණයේ පවතින විභාගයකදී සයිටම් ආයතනයට පක්ෂග්‍රාහීව කරුණු දැක්වීම
  6. වෛද්‍ය අධ්‍යාපනයේ අවම ප්‍රමිතීන් ගැසට් කිරීම සිතා මතාම මග හැරීම
  7. ඩෙංගු වසංගතයට ක්ෂණික පිළියම් යෙදීමට අපොහොසත්වීම මගින් ජනතාවගේ ජීවත්වීමේ අයිතිය අවදානමකට ලක් කිරීම
  8. පිළිකා රෝගය සඳහා සිය හිතවතෙකුට අයත් සමාගමක් විසින් ගෙන්වන ලද, විශේෂඥ වෛද්‍යවරුන් ප්‍රතික්ෂේප කළ, ඖෂධයක් මිලදී ගැනීමට බලපෑම් කිරීම
  9. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ මෝදර ධීවර වරාය ටෙන්ඩර් පටිපාටියෙන් බැහැරව අඩු මිලකට පෞද්ගලික සමාගමකට ලබා දී මූල්‍ය පාඩුවක් සිදු කිරීම
  10. ධීවර අමාත්‍ය පදවිය දැරූ සමයේ චීන සමාගමකට මසුන් මැරීමේ බලපත්‍ර නිකුත් කිරීම සඳහා ලාභයෙන් කොටසක් ඉල්ලා සිටීම

 

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.