ආර්ථිකය ගොඩගන්න බැසිල් නැවතත් පාර්ලිමේන්තුවට?

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ ලබන මස 6 වැනිදා යළිත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දීමට නියමිත බව අද (25) මෙරට ප්‍රධාන පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබෙනවා. පෞද්ගලික අවශ්‍යතාවක් මත ඇමරිකා එක්සත් ජනපදය වෙත ගොස් සිටි ඔහු ඊයේ (24) නැවත ශ්‍රී ලංකාවට පැමිණි අතර පසුව නිරෝධායනයට යොමු වූ බව වාර්තා වුණා.
ලබන 6 වැනිදා එලෙස මන්ත්‍රීවරයෙක් ලෙස පත්වීමෙන් අනතුරුව එදිනම සවස ඔහු මුදල් හා ආර්ථික සංවර්ධන කැබිනට් අමාත්‍ය ධුරයෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීමට නියමිත බව එම පුවත්පත් වාර්තාවල දැක්වෙන්නේ.
බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව ලබාදෙමින් පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී මහාචාර්ය රංජිත් බණ්ඩාර මහතා ඉල්ලා අස්වීමට නියමිත බවද ඉන් අනාවරණය කර තිබෙනවා.
බැසිල් රාජපක්ෂ අමාත්‍යධුරයේ දිවුරුම් දීමෙන් අනතුරුව ඉන්ධන මිල අඩු කිරීමට කටයුතු කරනු ඇති බව එම පුවත්පත්වල දැක්වනවා.

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.