අල්ලස හා දූෂණය පිටුදැකීම පාසල් විෂය මාලාවට

දූෂණ විරෝධී සමාජයක් නිර්මාණය කිරීමට ඇති අවශ්‍යතාවය වෙනදාටත් වඩා වර්තමානය හමුවේ ඇති අවශ්‍යතාවයකි. මෙය මුද‍්‍රිත මාධ්‍යයේ දක්නට ලැබුනු පැරණි ලිපියක් වුවද (Wednesday, ජූලි 6, 2016 ) අද දවසේ මෙයට ඇති වැදගත්කම සලකා මෙසේ පළ කරන්නෙමු.

අල්ලස දූෂණය පිටුදැකීමේ ගුණාංගවලින් පිරි දරු පරපුරක් නිර්මාණය කිරීම වෙනුවෙන් පාසල් විෂය මාලාවට ද අල්ලස හා දූෂණය පිටුදැකීමපිළිබඳ කරුණු ඇතුළත් කිරීමට ඉදිරියේ දී පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසනවා.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ඊයේ (05) කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ දී පැවැති පාසල් දරුවන් හා පාසල් ප්‍රජාව අතර අල්ලස හා දූෂණය වැළැක්වීමේ අරමුනින් පැවැත්වීමට නියමිත වැඩසටහන් මාලාවේ සම්පත්දායකයින් දැනුවත් කිරීමේ වැඩසටහනේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිණි.

2015 දෙසැම්බර් මස 09 වෙනි දිනට යෙදුණු අන්තර් ජාතික දූෂණ විරෝධී දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්සභාව “සත්පියවර” ලෙස ඉදිරි අවුරුදු තුන තුළ අල්ලස හා දූෂණය පිටුදැකීමේ ක්‍රියාවලීන් 7ක් හඳුන්වාදීමට පියවර ගෙන ඇති අතර එහි එක් පියවරක් ලෙස අනාගත පරපුර අල්ලස හා දූෂණය පිටුදකින පිරිසක් බවට පත්කිරීමේ අරමුණින් මේ වැඩසටහන් මාලාව දියත් කිරීමට සැලසුම් කර තිබේ. ඒ අනුව අල්ලස් හා දූෂණය පිටුදැකීමේ සුපිළිපන්න සමාජ ඒකක පාසල් තුළ පිහිටුවීම සඳහා පියවර ගැනීමට තීරණය වී තිබේ. ඒ සඳහා අවශ්‍ය අත්පොත් නිර්මාණය කිරීම පිළිබඳ විදුහල්පතිවරුන්, ගුරු උපදේශකවරුන් හා ගුරුවරුන් දැනුවත් කිරීම ද මේ වැඩසටහනේ අරමුණක් විය.

මෙහිදී වැඩිදුරටත් අ දහස් දැක්වූ අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සඳහන් කළේ එළඹෙන ඔක්තෝබර් මාසය අල්ලස හා දූෂණ පිටුදැකීමේ මාසය ලෙස නම් කිරීමට පියවර ගන්නා බවයි. එමෙන්ම ඊට සමගාමීව සුපිළිපන්න සමාජ ඒකක පාසල් තුළ ස්ථාපිත කිරීමත්, අල්ලස හා දූෂණය පිටුදැකීම් ප්‍රවර්ධනය කරමින් පාසල් මට්ටමින් කථික තරග විවාද තරග පෝස්ටර්තරග මෙන්ම වැඩමුළු ගණනාවක් සංවිධානය කිරීමට අල්ලස් හෝ දූෂණ කොමිෂන් සභාව සමඟ එක්ව අධ්‍යාපන අමාත්‍යංශය කටයුතු කිරීමට පියවර ගන්නා බව ද සඳහන් කළේය. මේ අවස්ථාවට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් ජනාධිපති නීතිඥ ඩිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ මහත්මිය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ කොමසාරිස් විශ්‍රාමලත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නෙවිල් ගුරුගේ මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.

Wednesday, ජූලි 6, 2016 – 01:00 පුවත්

http://www.dinamina.lk/2016/07/06/18828

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.