අපේ නාවික උරුමය

මම කළ දෑ හෝ අනෙක් අයවලුන් කළ දෑ කීමනොව අපෙන් බලාපොරොත්තු වන දේ තමයි වැදගත් ~ හිටපු නාවික හමුදාපති අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා


( ශ්‍රී ලංකාවේ 21වන නාවික හමුදාපති වරයා ලෙස පත් කරනු ලැබූ අද්මිරාල් ට්‍රැවිස් සින්නයියා මහතා; විශ්‍රාම ගැනීමට පෙර තම අවසන් රාජකාරී දිනයේදී නාවික හමුදා මූලස්ථානයේ පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහයේදී පැවැත් වූ අදහස්වල සංෂිප්තය පහත දැක්වේ.)


මේ සුන්දර සන්ද්‍යාවට සහ ආදරණීය රාත්‍රී භෝජන සංග්‍රහයට වගේම ඔබ සියලු දෙනාම ලබාදුන් මනසකාන්ත සහයෝගයට පළමුවෙන්ම මට ඉඩ දෙන්න ඔබ සෑමදෙනෙකුටම ස්තූති කරන්න. මම නාවික හමුදාවට එකතු වෙලා දැන් බොහෝ කාලයක් ගත වෙලා. ඒ කියන්නේ අවුරුදු තිස්පහක්. මගේ සමකණ්ඩායම් සගයා කිව්වා වගේම; අවසානයට පැමිණි විට එය ඔබට සෑම විටම පෙනෙන්නේ ඉතාම කෙටියි කියලා. නාවික හමුදාව සමඟ මගේ ගමන කල්පනා කිරීමේදී මම හිතනවා මම දැන් ඉන්නේ මෙම මාර්ගයේ අවසානයේ කියලා. එය මගේ ජීවිතයේ නව කාලච්ඡේදයක ආරම්භයක්. අද දින සිට නව දොරවල් මාහට විවර වේවී. එළඹෙන සඳුදා පටන් මා මෙතෙක් කළ දෑ වෙනස් වෙවී; මන්ද ඔබ රාජකාරී කටයුතු කරන අවස්ථාවේදී මම නිදා ගනීවී. ඒක තමයි විශ්‍රාම ජීවිතයේ සුන්දරත්වය කියන්නේ. අපට අපේම කාලයන් තිබේ. නමුත් අපට හමුවෙන අලුත් කාලච්ඡේදයන් ජීවිතය උද්දීපනය කරන එකක් වන බව මට විශ්වාසයි.

මේ අවස්ථාවේ මට ඉතාම පැහැදිලියි; එනම්, මම විශ්වාස කරන අන්දමට, මම නාවිකහමුදා නිලධාරියෙකුට පැමණිය හැකි උසස්ම තැනට පැමිණීමට හැකි වූ පුද්ගලයෙක්. මම නාවික හමුදාපති ලෙස සේවය කළේ ඉතාම කෙටි කාලයක්. නමුත් මෙවැනි කෙටි කාලයක් සේවය කිරීමේ ඇති සුන්දරත්වය තමයි, එය මාගේ සේවය අවසන් කිරීම සඳහා සන්තෘප්තියක් ලබාදෙනවා වගේම මාගේ ජීවිතයට එනම් මා හට යමක් කර ගැනීම සඳහා අවශ්‍යය කාලය ලබාදීම.

මම මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වන්නේ නෑ; මම මොනවද කළේ කියන එක. ඒ වගේම අනෙක් මිනිසුන් කළ දේවල් ගැන මම මෙහිදී කතා කිරීමට බලාපොරොත්තු වන්නේත් නෑ. නමුත් මම කතා කරන්න බලාපොරොත්තු වන්නේ, අපෙන් මොනවගේ සේවයක්ද බලාපොරොත්තු වන්නේ කියන කාරණය ගැන. ඒවගේම අනාගතයට මුහුණ දීම සඳහා නාවික හමුදාවෙන් බලාපරොත්තු වන්නේ මොනවද යන්න ගැන.

අපි නාවික හමුදාවට බැඳෙන විට අපි සියල්ලටම තියෙන එක පොදු හීනයක් තියෙනවා. සන්නද්ධ බලඇණියට එකතු වූ ගමන් ඔබට මූලික වශයෙන් අනෙකුත් නාවික හමුදා ගැන තරුණ නිලධාරියෙකු ලෙස දැකීමට සහ අත්විඳීමට හැකි වෙනවා. ඔබේ නාවික හමුදාවට වඩා විශාල නාවික හමුදා ගැන ඔබ දකිනවා. ඒවගේම ඔබේ නාවික හමුදාවට වඩා අත්දැකීම් වලින් බහුල අනෙකුත් නාවික හමුදාවන් ගැන ඔබ දකිනවා. ඒවගේ නාවික හමුදාවක් වගේ ඔබේ නාවික හමුදාවත් ගොඩ නගන එක තමයි ඔබ දකින හීනය.

අපේ කාලයේදී, නාවික හමුදාව ගැන කල්පනා කළොත්; සමහරක් සිතනු ඇති එය අවාසනාවන්ත කාලයක් කියලා. අපි යුද්ධ කළෙමු. ඒ වගේම යුධභටයෙකු ලෙස මම විශ්වාස කරනවා, අපෙන් බලාපොරොත්තු වූ මූලික කාරණය තමයි, යුද්ධයේදී එක්කෝ සටන් කරන එක නැත්තම් සටනේදී මියැදෙන එක. ඒ නිසයි අපි මේකට එකතු වුණේ. ඒ නිසයි අපි සේවය කළේ. ඒ නිසයි අපි සේවකයින් වෙන්නේ.

මම උතුරේ කටයුතු කර අවස්ථාවේදී අපේ සේවාවන් ගැන මම මේ දේම කතා කළා. අපි ඉන්නේ සේවය කිරීමට. අපි ඉන්නේ මේ රටේ ජනතාවට සේවය කිරීමට. කිසිම දවසක අමතක නොකළ යුතු කාරණය තමයි; අපි සේවය කරන්නේ මිනිසුන්ට ( ජනතාවට ) මිස අපේ පෞද්ගලකත්වයට නෙමෙයි කියන එක. ඒක තමයි මට අද දවසේ ඔබට දෙන්න තියෙන පණිවිඩය.

මේ රටේ මිනිසුන්ට සේවය කරන්න. නමුත් ඒක කිරීමට ඔබ ඔබ විසින්ම සකස් කර ගත යුතු අත්‍යවශ්‍යය සහ ඉතාම වැදගත් ගුණාංග කිහිපයක් තිබෙනවා. එනම්, ධෛර්යය, සදාචාරාත්මක වීරත්වය, විනය, වෘත්තීය දක්ෂකම; ඒ ඔක්කොටම වඩා අවංකකම. යහපත් නිලධාරියෙකු ලෙස නැගී සිටීම සඳහා වැදගත් වන ශීලය එයයි. ඍජුව නැගිටීම සහ තමන් ඉදිරියේ සිටින්නාගේ දෑස් දෙස ඍජුව දැකීමට වගේම ඔබට කිමට ඇති දේ කීම සඳහා අවංකව තමන් ගොඩනගා ගැනීම තමයි, මම හිතන විදිහට නිවැරදි නාවිකහමුදා නිලධාරියෙකු කියන්නේ. ඔබට එය කළ හැකිනම්, නිල ඇඳුමෙන් ඉන්න මිනිසුන් ලෙස ඔබ සියලු දේ මුදුන්පමුණුවා ගත් අයෙක්.

අවාසනාවන්ත ලෙස, ගෙවුණු වසර කිහිය තුළදී, විශේෂයෙන් යුද්ධයෙන් පස්සේ, නාවික හමුදාවට එරෙහිව ඇතැම් කාරණා මතු කරනු ලැබුවා. එය නාවිකහමුදාවේ කීර්තියට හානී කරනු ලැබුවා. අපට තව දුරටත් එවැනි අපකීර්තිමත් දෑ ලැබිය නොහැකියි. අපි එවැනි දෑ මතුවන ලෙස කටයුතු නොකළ යුතුයි. මන්ද; අපි නාවික හමුදාවක් ලෙස ඊට වඩා ඉතාම යහපත් නාවික හමුදාවක්.

මේ රටේ ඉන්න ජනතාව දැනගත යුතු කාරණයක් තමයි, සුදු ඇඳුමින් ඉන්න මිනිසුන් ( නැවියන් ) තමයි ඔවුහු ලබාගත් ඉතාම හොඳම කණඩායම කියන එක. අපි තමයි පළමු ආරක්ෂක වළල්ල. දිවා රාත්‍රී නොබලා අපි තමයි මේරට ආරක්ෂා කරනු ලබන්නේ. අපියි මෙම ජාතියේ ආරක්‍ෂකයා. මතක තබාගත යුතු කාරණය තමයි; ගුවන් හමුදාව හෝ යුදහමුදාව නෙමෙයි, නාවික හමුදාව තමයි මෙම පළමු මූලික රාජකාරිය ඉටුකරන්නේ. මේ නාවික හමුදාවයි අපි තැනිය යුත්තේ.මේ නාවික හමුදාවයි අපි ඉදිරියට ගමන් කරවිය යුත්තේ. මෙම මූලික කාරණයයි අපි ආණ්ඩුවට ඔප්පු කළයුත්තේ. අන්න ඒ සඳහායි අපි මේ රටේ ජනතාවගේ හිත් දිනාගත යුත්තේ. එවිට ඔවුහු තේරුම් ගනිවී නාවික හමුදාවට තමයි මෙම දූපත් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පූර්ව වගකීම පැවරී තිබෙන්නේ වගේම මීළඟ සංවර්ධන පියවර සඳහා රට රැගෙන යා හැක්කේ, කියන කාරණය. අන්න ඒ නිසයි අපට අවශ්‍යය වන්නේ ශක්තිමත් නාවික හමුදාවක්.

අද දවසේ අපට දකින්න තියෙන මූලික කාරණයක් තියෙනවා. ඒ තමයි, ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ බැබලෙන්නේ හරියට ඔටුන්නක මැණික වගේ. නාවික හමුදාවේ කාර්යය භාර්යය අතිශය වැදගත් වන්නේ අන්න ඒ නිසා. එය ඉතාම ශක්තිමත්ව පෙන්වීමට නම්, අපේ වෘත්තීය දක්ෂකම තිබීම අත්‍යවශ්‍යය කාරණයක් වගේම එය ලෝකයට ඔප්පු කිරීම අත්‍යවශ්‍යයි. එවිට, අපට හැකිවේවී දේශීයවශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති අරමුණු ජයග්‍රහණය කිරීමට. එවිට අපි මෙම සාගරයේ මධ්‍යස්ථානය ( නැබ) බවට පත් වනු ඇත.

ඉතින් මහත්වරුණි; ඒ සිහින මුදුන් පත් කර ගැනීම සඳහා යළිත් මම කැමතියි ඔබ සියලු දෙනාටම සුභ පැතීමට. ඒ වගේම මම කැමතියි; ඔබ සියලු දෙනාම එම සිහින මුදුන් පමුණුවා ගැනීම වෙනුවෙන් නැගී සිටිනු දැකීමට. උසස් ලෙස නැගී සිටින්න; ශක්තිමත්ව නැගී සිටින්න; මීළඟ පියවර සඳහා නාවික හමුදාව ඉදිරියට රැගෙන යන්න.

අපි ලෝකයේ සංග්‍රාමීය නාවික හමුදාවලින් ඉතාම උසස් නාවික හමුදාවක්. මතක තියාගන්න ඒක. බොහෝ දෙනෙකු තේරුම් ගන්නේ නැති කාරණයක් තමයි ඒක. නමුත් ඒක තමයි කාරණය. ඒකට කිසිම සැකයක් නෑ.

අපි, සැබෑ යුද්ධ ගැන කතාකිරීමේදී දුෂ්කරතා රාශියකට මුහුණ දෙමින් ඒවා සියල්ලම ජයගත් ඉතාම ශක්තිමත් නාවිකහමුදාවක්. මම මේ ගැන ලෝකයේ විවිධ තැන්වල උගන්වලා තියෙනවා. ඒ වගේම මම දැකලා තියෙනවා ඒවාට ලැබුණු ප්‍රතිචාර. ඉතින්, ඒ නිසා මට ඒ ගැන කිසිම සැකයක් නෑ. අපියි ඉතාම උසස්. අපි ඒ ගැන සාඩම්බරයි.

අන්න ඒ උරුමය ඉදිරියටත් රැගෙන යන්න. ඒ උරුමය නැතිවෙන්න ඉඩ තියන්න එපා. ජ්‍යෙෂ්ඨ විශේෂඥයින් එය කණිෂ්ඨ නිලධාරීන්ට ලබා දී තිබෙනවා. අපි ඒ රහස් හුවමාරුකරගෙන තිබෙනවා. අපි සටන් කරනු ලැබුවේ වෙනස්ම යුද්ධයක්; එය ඉතාම දුෂ්කර යුද්ධයක්, නිතරම වෙනස්වන සහ මාරුවන යුද්ධයක්. එහිදී සටන් කිරීම සඳහා ඉතාම ගැඹුරු ධෛර්යක් තිබිය යුතුයි.

බෝට්ටුව ඉතා කුඩා වෙන්න පුළුවන්. නමුත් අත්පොත ඊටම ආවේණික එකක්. එයයි මෙම නාවික යුද්ධ වල ඇති වෙනස. එයයි අපි කළේ. ඒ නිසයි අපි අප ගැන ප්‍රෞඪ විය යුත්තේ. ඔබ ලෝකයේ කොතැනකට ගියද දකින්නේ, අන්න ඒ ඔහුටම ආවේණික ගතිගුණ ඇති නාවික නිලධාරියායි. අන්න එයයි අපට ශ්‍රී ලංකා නාවික හමුදාව ලෙස උරුම වී ඇත්තේ. අන්න ඒ නිසයි, අපි ඒ ගැන අභිමානවත් වන්නේ. අන්න ඒ උරුමය සෑම විටම තබා ගන්න.

ඉතින් මහත්වරුණි අන්න ඒ සිහිනය මුදුන්පමුණුවා ගැනීම වෙනුවෙන් කටයුතු කරමු.

අදින් වසර ගණනකට පසු මම නැවත පැමිණෙන විට, මම කැමතියි එම අරමුණු මුදුන්පත් කරගෙන ඉන්න සහ මුදුන් පමුණුවා ගනිමින් ඉන්න නිලධාරීනේ මේ අතර දැකීමට. මම නව නාවික හමුදාපති තුමාට මෙන්ම, ඔබ සියලු දෙනාටම සුභපතනවා!

මෙමෙ සන්ද්‍යාව අමතක නොවන සන්ද්‍යාවක් බවට පත් කරනු ලැබීම ගැන ඔබ සියලු දෙනාටම මා ස්තූතිවන්ත වනවා. විශේෂයෙන් මෙම නිල ඇඳුම මම අඳින අවසාන දිනය ( බොහෝ දුරට නිල ඇඳුමක් අඳින අවසාන දිනය ) ලෙස මෙය මගේ ජීවිතයේ අමතක නොවන දිනයක්, වගේම ඊට සහයෝගය දැක්වූ ඔබ සියලු දෙනාමත් මාගේ මතකයේ රැඳෙනු ඇත.

ස්තූතියි!

Link :    https://www.slguardian.org/si/archives/16866

About ශ්‍රී ලංකා ගාර්ඩියන්

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.