අගමැති මහින්ද , චීන ලංකා සබඳතා ශක්තිමත් කළා. – චීනය

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටින්නෙකු බවත් ඒ අනුව දෙරට අතර ද්වීපාර්ශ්වික සබඳතා ඔස්සේ වැඩි ප්‍රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමට ඉදිරියේදී චීනය සූදානම් බවත් චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ෂාඕ ලීජියෑන් මහතා අවධාරණය කර සිටී

චීනයේ බීජිං නුවරදී පැවති විශේෂ මාධ්‍ය හමුවකදී ලී ජියැන්ග් මහතා මේ බව පැවසීය

චීනය අග්‍රාමාත්‍යවරයා ද අගමැති ධුරයේ දිවුරුම්දුන් රාජපක්ෂ මහතාට සුබ පැතුම් එක්කරන බවද මෙහිදී ප්‍රකාශකවරයා පැවසීය

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවසීය

”චීනය, රාජපක්ෂ මහතාට, දිවුරුම්දීම පිළිබඳව සුබ පැතුම් එක්කරනවා.අගමැති ලී කෙක්යෑන්ග් සුබ පැතුම් පණිවිඩයකුත් යවා තිබෙනවා.චීනය හා ශ්‍රී ලංකාව අතර මිත්‍ර සබඳතා ඈත අතීතයට දිය යන්නක්.මෑත කාලයේ චීන ශ්‍රී ලංකා උපාය මාර්ගික සහයෝගිතා හවුල පදනම්වන්නේ යහපත් අනෝන්‍ය සහයෝගය මත සහ දීර්ඝ කාලීන මිත්‍රත්වය මත පදනම්වයි.දෙරටේ ද්වීපාර්ශ්වික සහයෝගිතාව අංශ කිහිපයකට විහිදී යනවා.අප සබඳතා ඉතා ගැඹුරුයි.විශේෂයෙන් කොවිඩ් 19 හමුවේ දෙරට රජයන් සහ ජනතාව එකිනෙකාට සහයෝගයෙන් කටයුතු කළා.අගමැති මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකාව හා චීනය අතර සබඳතාව ප්‍රවර්ධනය කිරීමට බොහෝ කලක සිට කැපවී සිටිනවා.ශ්‍රී ලංකාව සමග වන සබදතාවය චීනයට විශාල දෙයක්.අපේ සාම්ප්‍රදායික මිත්‍රත්වය සහ අනෝන්‍ය ප්‍රතිලාභී සහයෝගය ඉදිරියටත් ශ්‍රී ලංකාව සමග පවත්වාගෙන යාමටත් ද්වීපාර්ශ්වික සබදතා හරහා වැඩි ප්‍රතිලාභ දෙරටේම ජනතාවට හා රාජ්‍යයන් දෙකටම අත්වෙන ආකාරයට කටයුතු කිරීමටත් අප සූදානම්”

Leave a Reply

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.